Skip to main content

Posts

ආගන්තුක මිතුරිය.

කප්පරකට උසින් පැතුමන් සිත             ඇඳුනූ රිද්මය පතා සිටියද හැඟුමෙන්               මියුරූ සිත් මල තලා දමමින් සුරතට               පැවරූ ක්තිජය කෙලෙස එක් වේවිද මන        පැහැරූ සැඟවූ ලයේ ගැඹුරේ රිදුමක                  ලකුණූ දිසුනේ නොමැත දකිනා විට නුඹ             ලන්දූ දැනුනේ සොම්නසකි නිරතුරු වත           රැන්දූ ලඳුනේ කෙලෙස නුඹ හිනැහුනි දුක          හැංගූ

වෙන්වීම, අනිත්‍ය,

බෝ ගසට පෙම් කර අතු අගින් ගිලිහුන මහළු බෝ පතකට නොමැත වරමක් මළුවෙ මියැදෙන්නට

පරසිඳු කරලිඇද්ද

පරසිඳු කරලිඇද්ද, දුව කිරුලස පැලැන්ද, කුසුබාසන දේවිය දෝන කතිරිනා. ඒ ඉතා මෑත දිනකදී නැවත මා හට අසන්නට ලැබුනු ගීතයකි. ඇතැම් අවස්ථාවන්හිදී නිර්මාණකරනය සඳහා ඉතිහාස කථා වස්තූන් වස්තු බීජ සපයන්නේ ඉතාමත් අපූර්ව ලෙසිනි. අනාගතය සඳහා වර්ථමානය තුල ශක්තිමත් පදනම සපයන්නේද පෙර කී ඉතිහාසය බැවින් එවන් නිර්මාන වල ඇති වටිනාකම අති මහත් බව මගේ අදහසයි. අද මේ පූර්විකාව සපයන ගීතයද එවන් ඉතිහාස කථාවක් කැටි කරමින් රත්න ශ්‍රී ශූරීන් කලකට ඉහතදී රචනා කරනු ලදුව සිහ ශක්ති සංගීත වෘන්දය ජාතික රූපවාහනිය වෙනුවෙන් ගැයුවා වූ තවත් එක් අපූර්වතම ගීතයකි. ගීතයේ හරය ගැන විමසීමට නම් ඉන් ප්‍රථම ලාංකීය ඉතිහාසයේ බල අරගලය වෙනුවෙන් රාජ්‍ය පාවාදීම්, රාජ්‍ය කුමන්ත්‍රන වලින් පරිපූර්ණ වූ පෘතුගීසි ආක්‍රමණ සමය පිලිබඳ ඉතා කෙටි හෝ විවරනයක් නැවත ලබා ගැනීම වඩා උචිතය. 1505 සිට 1658 දක්වා යැයි ගැනෙන පරංගි සමය ශ්‍රීලාංකීය ඉතිහාසයේ ජන සමාජයේ හා සංස්කෘතියේ විපරීතයක් ඇති කල කාල පරිච්චේදයක් යැයි කිවහොත් එය වැරදි නැත. ඔවුන් ලංකාවට පැමිණි ප්‍රධාන අරමුණු අතර කිතු ධහම ප්‍රචාරය කිරීමද මුල් තැනක් ගන්නා ලදි. කෙසේ වෙතත් 1521 දී කෝට්ටේ රාජධානියේ...

සඳ කිඳුරා මිය ගියා, ගමට එන්න නංගියේ

සිංහල සුභාවිත ගීය කෙරෙහි බෞද දර්ශනයෙනේ ලද බලපෑම සුළුපටු නොවෙයි. ඒ තුලින් පෝශනය ලද සිංහල සාහිත්‍ය වුවද කෙතරම් රස සාර හා බර සාර දැයි යන්න නැවත කිව යුතු නොවේ. ඉතින් අද අරුත වෙත මා මේ තෝරන ගීයද එවැන්නකි. “සඳ කිඳුරා මිය ගියා, ගමට එන්න නංගියේ.“ ගීතයට පෙර වදනක් ලෙසින් මෙම ගීතයට මෙන්ම තවත් බොහෝමයක් රසවත් ගීත රාශියකට සම්බන්ද කර ගත් සඳ කිඳුරු ජාතකය පිලිබඳ කෙටි ආවර්ජනයක් කිරීම සුදුසු යැයි මට හැඟෙයි. එකල බරනැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන සමයකි. දිනක් රජු හා පිරිවර හිමාල වනයට පිවිසෙන්නේ විනෝදය සඳහා දඩ කෙලියේ යෙදීමටයි. ඉක්බිති රජු හා පිරිස මද දුරක් වනයට පිවිසෙද්දී දකින්නේ ආශ්වාද ජනක, ප්‍රිය උපදවන දසුනකි. ඒ බොහොමත්ම පෙමින් බැඳී සිටින චන්න කින්නර යුවලකි. මේ සඳ කිඳුරු යුවලගේ රූ ස්භාවය අතිශය පියකරු එකක් වෙයි. (මෙහි සඳ කිදුරියගේ රූ ශ්‍රියාව පිලිබඳ බොහොම මිහිරි වර්ණනාවන් බෞද සාහිත්‍ය තුල සොයා ගත හැක) සඳ කිඳුරිය දුටු පමණින් රජු හට ඇය කෙරෙහි සිතක් පහල වෙයි. රජු විසින් එවිට කරන්නේ විස පෙවූ හීයක් ගෙන සඳ කිදුරා වෙත එල්ල කිරීමයි. එහි විස නිසා සිහිසුන් වන සඳ කිදුරා බදාගෙන කිඳුරිය හඬන්නට වෙයි....

රෑ දොලොස් පැයේ

පසුතැවීම, ජීවතයේ ඇතැම් අවස්ථා වල අප විසින් සිදුකලා වූ යම් යම් දේ පිලිබඳ අපට ඇත්තේ එතරම් හොඳ මතකයන් නොවෙයි. එය එසේ නොවුනා නම් කියා අපට සිතෙන්නා වූ වාරයන් අපමනය. පසුතැවීම් යනු සාමාන්‍ය මනුශ්‍යන් වූ අපට ආගන්තුක හැඟීමක් නොවෙයි. ඉතින් අද මේ පෙරවදන සපයා ගන්නා ගීතයත් එක් ගැමි ස්ත්‍රියකගේ පසුතැවීමක් පිලිබඳවයි. (මේ ගීය තරමක් දීර්ග ලෙස කථා කරන්නටයි මගේ උත්සහය) රෑ දොලොස් පැයේ ඉඳි කඩුුළු ඇරන් කර ඔසවා බලා උන්නා හබ කර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයන් දැන් එතෙයි කියා. ඉදි කඩුළු හැර තබා ඇය යමෙක් වෙනුවෙන් බලා හිඳී. මෙහි ඉඳි කඩුළු වැටක් යන්නෙන් ගීතයේ කථාව ගලා යන සමාජ පරිසරය මූලිකව පිලිබඳ යම් දල අදහසක් ගැනීමට හැක. වන සතුන්ගෙන් හා වෙනත් ආපදාවන්ගෙන් ආරක්ශා වීමට බොහෝ විට ඉඳි කඩුල්ලක් සහිත වැටක් ඉදිකරගන්නේ සාමාන්‍ය දුප්පත් හෝ මධ්‍ය ප්‍රාන්තික ග්‍රාමීය ජනතාව විසිනි. ඉතින් මේ ගැමි ලඳ රෑ දොලොස් පැයක් නැතිනම් දවසේ පැය 24න් නිදන හරි අඩත් අවධියෙන් බලා හිඳින්නේ ඇය සමඟ යම් අමනාපයක් වී නිවසින් පිටව ගිය ඇගේ ස්වාමියා නැවත එන තුරුය. ඇය කෙතරම් ඇගේ ස්වාමියා අපේක්ශාවෙන් සිටිනවාද යන්න ගීතය තුල ඇය කර ඔසවා බලා උ...

කේතුමතී නුවර

කේතුමතී නුවර, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, එතුමන්ගේ නම ඇසූ සැනින් මා සිත තුල ඇති වන හැඟීම වචනයට නැගීම අපහසුය. මා හට එතුමන්ගේ බොහෝ නිර්මාන වල වෙනත් නිර්මාණ කරුවන්ගේ නොදකින විශේශත්වයක් ඇත. එතුමන්ගේ ඇතැම් නිර්මාන වල අනෙක් නිර්මානකරුවන් නොදකින, කථිකා නොකරන ගැඹුරු සමාජ සංසිද්ධි උළුප්පා මතු කරන්නට පන්හිඳ හැසිරවී ඇති බව මගේ හැඟීමයි. (විටෙක එය පන්හිදකට වඩා අසිපතක් යැයි කීම වඩා යෝග්‍යය). එලෙසින්ම මහාචාර්ය සුනිල් ආරියරත්න යන නම සමඟ නිතැනින්ම සිහි වන තවත් නාමයකි. ඒ විශාරද නන්දා මාලිනියන්ය. සුනිල් ආරියරත්නයන් අතින් ලියවුනු බොහෝ නිරමාණ ප්‍රමාණයකට ජීවය සපයන්නට නන්දා මාලිනී මහත්මිය සමත්ව ඇත. ඇත්තෙන්ම සුනිල් ආරියරත්න, නන්දා මාලිනී යන සුසංයෝගය හෙල සුභාවිත ගීය තුල නොමැකෙන සලකුනකි. ඉතින් ටික දිනක විරාමයකින් පසුව අරුත වෙත මා අද මේ තෝරාගත් ගීතයේද පද රචනය හා ගායන මහාචාර්ය සුනිල් ආරියරත්න හා නන්දා මාලිනී සුසංයෝගය විසිනි. මියුරු සංගීතය සරත් දසනායකයන්ගෙනි. අන් නිර්මාන වලින් විශේෂයක් ගන්නා විනාඩි 7කට ආසන්න කාලයක් ගැයෙන මේ ගීතයේ මුලික හරය ගමන් කරන්නේ දේශපාලන කථිකාවක් ඔස්සේය. ඇතැම් තැන් වල ගීතයේ වචන හැසි...

සබඳ අපි කඳු නොවෙමු,

සුපුරුදු රටාවෙන් මිදී ගීතයක අරුත විමසීම වෙනුවටි ගීතයක් තුලින් පැන නැඟි අතුරු කථාවක් වියමන් කරන්නට අද මම උත්සහ කරමි. එදින වේලාව සවස 4.30 පමන වන්නට ඇති බව මගේ හැඟීමයි. එවකට මම උ.පෙ හදාරා මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ පරිගනක ඩිප්ලෝමාවක් සඳහා යනෙන කාලයක් විය. එදින පතිත වූ මද මංදාරම් අඳුර හේතුවෙන් මම බසය වෙත නැගගත්තේ එය පිටත් වීමට බොහෝ වේලාවකට පෙර අතුවයි. ක්‍රමයෙන් බස් රථය එහි ආසන ප්‍රමාණයට වඩා මදක් වැඩි වන්නට මිනිසුන්ගෙන් පිරී යන්නට විය. ඒ අතර විටින් විටරථය තුලට ගොඩ වූ යාචකයන් හා සඟරා පුවත් පත් විකුනන්නන් මෙන්ම කඩල රටකජු ආදිය විකුනන්නන්ද විය. (මෙය මහරගම නුගේගොඩ ආදී තැන් වල බොහෝ සෙයින් සාමාන්‍ය දෙයක් බව යන එන යන දන්නවා ඇති.) කෙසේ වෙතත් එසේ රථයට ගොඩ වුනු වෙලෙන්දෙකුගෙන් මිලට ගත් රටකජු සපමින් මා බසය ගමන් අරඹන තුරු දුරකථනය අතට ගෙන අන්තර්ජාලයේ (එවකට GPRS) වෙත පිවිස සැරිසරන්නට වුනෙමි. රථය ගමන් ඇරඹීමට ටික වේලාවකට ප්‍රථම ඊට ගොඩ වුයේ ප්‍රසන්න පෙණුමකින් යුතු හොඳින් හැඳ පැලඳගත් කරෙහි සයිඩ් බෑගයක් දමාගෙන අතෙහි යම් ලැමිනේට් කල ලියවිල්ලක් රැගත් වයස අවු 28ක 32ක පෙනුමැති තරුණයෙකි. රිය...

තුමුල බල ඇති තෙදැති දෙවඟන

නීතිය........, ශිෂ්ඨ සම්පන්න මිනිසාගේ යහ පැවැත්ම උදෙසා නීතිය ඉටු කරන්නේ නොමද කර්තව්‍යකි. නීතියේ රාමුව සැමට සධාරණ එකක් විය යුතුය. එලෙසින්ම සාධාරණ සමාජයක් උදෙසා විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන බල ත්‍රිත්වයම ස්වාධීන විය යුතුය. එහෙත් අවාසනාව නම් එය එසේ නොවන බව මෑත ඉතිහාසය තුලම සපථ වීමයි. අධිකරණයේ නිල සංකේතය, නීතියේ දෙවඟනය. ඇය දෑස කාල වර්ණ කඩ තිරකින් දෙනෙත වසා සිටී. එයින් ඇගේ අපක්ශපාතීත්වය විදහා පායි. බලය, නිලය, වත් පොහොසත් කම් යුක්තිය පසඳිලීම යන කාරණයේදී ඇය දකිනේනේ නැත. ඇගේ  එක් අතක තුලාවකි. එයින් තීරණ වලදී තුලනාත්මක බව විදහා දක්වයි. සත්‍ය වශයෙන්ම එහි කිරා මැන බලන්නේ සාධාරණත්වය හා අසාධාරණත්වය පමණි. ඇගේ අනෙක් අතෙහි වන අසිපතකි. ඉන් යුක්තිය ඉටු කිරීම විද්‍යාමාන කරයි. තුමුල බල ඇති තෙදැති දෙවඟන සැකයි මට ඔබෙ කුමරි බඹසර රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු ඔබගෙ දෙවොලේ යහන පාමුල ...// වත්මන් කටුක යථාර්තය තුල නීතියේ වල් වැදීම කියා පාන්නට ගීතයේ ප්‍රථම අර්ධය තුලම රචකයා උත්සාහ දරා ඇත. නීතියේ දෙවඟන සැම විටම ස්වාධීන හා සියළු දෙනා කෙරෙහි අපක්ශපාතී විය යුතුය. නමුත් අවාසනාවට නීතියේ දෙවඟන රටේ පාල...

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා.

ප්‍රේම ගීත විරහ ගීත ආදී වශයෙන් කොතෙකුත් නම් ගීත මේ වන විට අප අසා ඇතිද? රසවිඳ ඇතිද? කෙසේ වෙතත් මිනිසෙකුගේ සංවේදී චිත්ත ස්භාවයක් සෘජුවම ස්පර්ශ කල හැකි සාර්ථකම මාධ්‍ය ලෙස මා දකින්නේ ගීතය නම් වූ සියුම් මියුරු පහසයි. තවද ගීතයක රස වින්දනය උපරීම කිරීම සඳහා ගායකයාගේ දායකත්වය හා සංගීතයේ රසමුසුව පමනක් ප්‍රමානවත් වනවා යැයි මා සිතන්නේ නැත. ඇතැම් විට ගීතයේ පද වැලට උරුමකම් කියන කථා මූලය දන්නේ නම් එය තවත් රසය උපරිම කරනු ඇත. එලෙසින්ම පද වැල තුල යෙදෙන උපමා, උපමේය, ව්‍යංගය තුල ගීතයේ රසය ඔප් නැන්වීමට දක්වන්නේ නොමද සහයකි. එක්තරා ගමක පාසල් වියේ පසුවන නව යොවුන් වියේ සිසුවෙක් හා සුසුවියක් වෙයි. ඔවුන් අතර පාසල තුලදීම යම් පෙම් සබඳතාවක් ගොඩ නැඟෙයි. පෙම්වතා ගැන කියන්නේ නම් ඔහු ප්‍රසන්න පෙනුමැති නමුත් යම් යම් අග හිඟ කම් වලින් පෙලෙන පවුලක අයෙකි. පෙම්වතිය සාමාන්‍ය පවුලක ඉගෙනීමෙහි දක්ශ රූමත් තරුණියකි. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ප්‍රේම වෟතාන්තයේ පෙම්වතිය සරසවි වරම් ලබා ගනී. තරුණ පෙම්වතා ඔහුගේ අග හිඟ කම් මැද පාසල් දිවිය හමාර කරයි. ඔහු රැකියාවක් සොයා යයි. ඔහුට ලැබෙන්නේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සමාගමක කම්කරු වෘර්...

ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා

“ජීවිතං අනියතං මරණං නියතං“ ජීවිතය අනියතය, මරණය නියතය. එක් තරා බුදු වදනකි. කෙසේ හෝ මේ ජීවන භවය තුලට මිනිසුන් ලෙසින් පැමිණීමේ වරම්, වාසනාව ලද අප යම් දිනක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වසවර්ති මාරයා වෙත නියත ලෙසම පැමිණෙන බව ගිවිසාගෙන පැමිණ සිටින්නෙමු. ඒ සඳහා මාරයා දින වකවානු නිර්නයන් සපයා නැත. ඔහු අඬගැසූ පමණින් අප ඔහු කරා යා යුතුමය. අද ඔබ සමඟ මේ දොඩමළු වන මා වුවද හෙට ඔහු කරා පියනඟා තිබිය හැකිය. කෙසේ නමුත් මෙවන් වූ අනියත ජීවන භවයක් තුල අප එක් රැස් කරගන්නා බැඳීම් නම් කො‍තෙකුත්ද. දෙමවුපියන්, බිරිඳ, දරුවන් හරිහම්බ කල දේපල මිල මුදල් යාන වාහන ආදී වශයෙන් කොතෙක් නම් බැදීම් අප ගොඬ නඟාගෙන සිටිත්ද. දිනක මාරයා වෙත යන ගමනේදී මේ කිසිවක් ඔබ හෝ මා සමඟ පැමිනෙන්නේ නැත. භව කතර තුල අතිශයිම දුර්ලබ විරල වූ මේ යම් පරීක්ශනයක් බඳු වූ මනුසත් භවය, දිනක කෙලවර කර මාරයා වෙත යන ගමනේදී අප සමඟ පැමිනෙන්නේ ලැබුවා වූ දිවිය තුල කලා වූ පිං පවු දෙක පමණකි. මා හට අවසාන වශයෙන් පූර්විකාව තුල ගෙන ආ යුතු දෙයක් ඇත. අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝපදං අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථාමතා සිහිබුද්ධිය ඇතිව ජීවත්වීම නම් වූ නොපමා බව නි...

මිතුර සෙවනැලි

මිතුර සෙවනැලි හිරුගෙ එලියෙන් ඉපදුනත් නුඹ ඇයිද හිරුගෙන් සැඟවුනේ සැඳැ අඳුරේ මිලින වී නුඹ කොහේදෝ සැඟවී ගියේ සිනා සලනා සඳේ සරදම් ඇයිද මෙතරම් ඉවසුවේ රැයේ තනිකර ගියත් නුඹ මා උදෑසන ඇයි පැමිණියේ නිතින් සැම දින පැමිණ පසුපස ඇයිද දුක සැප විමසුවේ නුඹයි සැමදින මිතුර සෙවනැලි සදා නොවෙනස් වුන සකී

සඳුද අවදියෙන්

ප්‍රේමයට ලඟම නෑයා විරවයි කියා මා තර්කයක් ගෙනෙයි නම් ඔබ එයට එකඟයිද? මාගේ විශ්වාසය අනුව මේ එකිනෙකට පරස්පර චිත්ත වේගයන් දෙක අතර ඇත්තේ අල්ප මාත්‍ර දුරස් බවකි. එමෙන්ම අර්ථ පූර්නය කල නොහැකි බොහෝ දේ මේ වදන් දෙක අතර සැඟවී ඇති බවත් කිසිවෙකුට නොරහසක්. කෙසේ වෙතත් ආදරය යන මානව හැගීම සනතර්පනය තුල බිහි වූවාට වඩා විරහවේ වේදනාව තුල වඩා විශිෂ්ඨ කලා නිර්මානයන් ලොවට දායාද වූවා යැයි මා තවත් විශ්වාස කරන කරුණකි. ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ, ගීතයේ ප්‍රවිශ්ඨයට ප්‍රථම මට සිහි වන බුදු වදනකි. ප්‍රියයන්ගෙන ් වෙන්වීම දුකකි. මදකට මා මෙලෙස උපකල්පනයක් ගොඩ නැඟුවොත්. “දැඩි ලෙසින්ම ප්‍රේමයෙන් බැඳුනු යුවලක්, එක් අයෙකුගේ වියෝ වීමක් කෙසේ දරා ගනීද? එය ඔවුන් විවාහ පත් වූ අළුත සිදුවී නම් කෙතරම් සෝචනීයද? තමන් දැඩිව පෙම්කල තමන්ගේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේම වන්තිය වෙනුවෙන් ඔවුන් කොයි තරම් නම් සිත් තැවුලකට පත් වෙයිද? මා විශ්වාස කරන අයුරින් මෙම පද වැලේද මූලික හරය ගලා යන්නේ එවන් අවාසනාවන්ත ඉරනමකට මුහුන දුන් අවාසනාවන්ත තරුනයෙකුගේ ශෝඛාකූල චිත්ත වේගයන්ගේ ව්‍යාකූල වූ හැසිරීම හරහායි. සඳුද අවදියෙන් තරුද අවදියෙන් මේ නිශාන්තයේ.... ඔබ ලඟ...

නොසිතූ විරාමය...

නොසිතූ විරාමය... සිටියෙමි බසය එනතුරු මා ඉවසාලා............ දසුනක් නැගුනි එකවිට මා කලඹාලා........... සපුමල් කියා නුපුරුදු නමකින් අමතා.......... කෙල්ලෙක් දැවටුනයි මා වෙත ලං වීලා....... මගෙ නම වෙනත් එකකිය මා පවසාලා......... සිටිනට ට්‍රයි කලත් ඇයගෙන් වෙන් වීලා........ මගෙ වෙත ඇය ඇදෙයි නෙතු යුග කරකවලා.. දැන්නම් ඉතින් මම ෆුල් හොල් මන් විලා....... මදකින් මදක ඇය මා වෙත ලං වූවා............ කාටත් හොරා මගෙ සුරතින් අත තැබුවා...... සිතුවිලි මා වටා දුවමින් මොර දුන්නා........... නොදැනිම මමත් ඇගෙ උගුලට හසු වූවා...... ක්‍රමයෙන් ක්‍රමය අඩ අඳුරක් ආවා................ මෙහාතින් මොහොත ඈ මා වෙත ලං වූවා...... දසුනින් දසුන ඇය මගෙ සිතු විලි ගත්තා........ නො‍ලැබුන උනුහුමක් වෙනුවෙන් බිල ලිවුවා.. කාසි කොල සමග ඒ රැය එලි වූවා............. කඩින් කඩ හදට කැලලක් මතු වූවා........... සිතින් සිත සිතුම් හද තුල සිර කෙරුවා....... හිතින් දුක දරා ලොව තුල කල් ගෙවුවා......

මගෙ උරුමේ,

රැකගමි සොඳුර ඔබ වෙනුවෙන් මගෙ උරුමේ නෙතින් කඳුළු බිම සිපගත් ඒ මොහොතේ........... ඊ ලඟ නෙතත් උනු කඳුලින් බර වූයේ................ නෙතු යුග ලෙසින් ජීවත් වුනු අපෙ ලෝකේ......... ඔබෙ උනුසුමත් අද මා ලඟ නෑ සොඳුරේ.............. සිනහව සමඟ ඔබ සැතපෙයි මල් යහනේ.............. කඳුලැලි වට කරන් හඬවයි මගෙ සිහිනේ.............. උනුසුම සොයා ඔබෙ පුතු අද මගෙ තුරුලේ........... සෙනෙහස යදිනවා මවකගෙ හද ගැඹුරේ............... රැකුමට හැකි නමුත් මගෙ පුතු මේ ලෝකේ............ කෙලෙසක දෙන්නෙමිද මම ඔබෙ මවු සෙනෙහේ.... නිකැලැල් ලොවක ඔබ මට දුන් දායාදේ................ රැකගමි සොඳුර ඔබ වෙනුවෙන් මගෙ උරුමේ......... සිහින සිතුවම් නමින් 2011 දී කල සිතුවමකි..

සිහින සිතුවම්

සිහින සිතුවම් නමින් 2011 දී කල සිතුවම් පෙලකි..

සිහින කුමරියනි.

පවසන්න සිහින කුමරියනි.....!! ලියූ පද වැල් නුඹව විමසන සිතුම් මල් නිති කිනිති ගන්වෙන නිහඬ මැදියම නින්ද නොම එන  අරුම කිම පවසන්......... අරුත කිම පවසන්......... සිනා හසරැලි මුවෙහි සැරසුන නෙතු අගට ආ පුංචි කඳුලැලි නුඹට රහසින් මටද දනවන අරුම කිම පවසන්......... අරුත කිම පවසන්......... මගේ සිහිනෙක පුංචි කමරිය නෙතු ලඟම හිඳ පෑව මදහස මගේ මතකයෙ තවම මැවෙනා අරුම කිම පවසන්......... අරුත කිම පවසන්......... සිහින සිතුවම් නමින් 2011 දී කල සිතුවමකි..

බිඳුනු හදවත.

සිතුවිලි සිර කර බිඳුනු හදවතක.. නොලැබෙන පෙමකට පෙරුම් පිරුව මම.. සිහින අසපුවක, මතක මැදුර  වෙත දුටුව සිහිනයක, ඔබ කුමරිය වූවා. // මනාලියක ලෙස ඔබ සැරසී අද.. මගේම මිතුරෙකු අතිනත අරගෙන.. කුලගෙට පිවිසෙන  මංගල දිනයේ.. මා තනි කම වින්දා..// සිතුවම් කර ඔබ හදෙහි නොමැකි ‍ලෙස. සෙනහස පුද කර මැවු සිහින ලඟ.. නොලැබෙන පෙම් ලොව.. සිහින පවුරු මැද.. මා අසරණ වූවා..// සිහින සිතුවම් නමින් 2011 දී කල සිතුවමකි..

විහඟ ගීතය නිහඬ ඇයි..?

විහඟ ගීතය නිහඬ ඇයි..? 1988- 1989 භීශන යුගය,...... විවිධ වූ දේශපාලන අරමුනු වෙනුවෙන් දහස් ගනනින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දිවි පිදූ ඒ අඳුරු යුගය ගැන ඔබ තුල යම් මතකයක් තිබෙයිද? නොඑසේනම් අසා ඇතිද? මිනිසෙක්ට තබා සතෙකුටවත් ඉහිලිය නොහැකි තරමේ වධ බන්ධනයන්ගෙන් පීඩිතව ටයර් සෑ මත පන පිටින් දැවී ගිය තරුණ තරුණියන් විලාපය කෙසේ වන්නට ඇතිද? සහෝදරයෙකුට සහෝදරයෙක්, දරුවෙකුට පියෙක්, බිරිඳකට සැමියෙක්, මවකට දරුවෙක් නැති කල ඒ පාපී ඉතිහාසය  උනුසුම් ලෙයින් ලියා තබන්නට එවකට පාලකයන් හා නොමිනිසුන් ක්‍රියා නොකලා යැයි කාට නම් කිව හැකිද? කෙසේ නමුත් මා යම් දිනක අසා ඇති තරමින් මේ ගීතයේ මූලික හරය සපයන්නේ, 1989 භීශන යුගයයි. තවද මෙම යුග ගීය සාමාන්‍ය තරුණියක හා වරෙක සටන වෙනුවෙන් කැප වූ තරුණයෙකු අතර ගොඩ නැඟෙන දෙබසක් යැයි මට හැඟේ. (මෙහි එන සියළු තර්ක මා ගොඩ නඟන්නේ ඒ මත සිටයි.) විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොඳුරා ඇය නඟන පැනයකි. එය එවකට තරුණයන් සමාජවාදී බල අරගයලයක් වෙනුවෙන් සටන් කල යුගයකි. එහිදී පෙරමුණ ගත් තරුණ තරුණියන් හඬ නැඟුවේ සමාජයේ යහ පැවැත්ම උදෙසා මිස පුත්ගලික යහ පැවැත්මක් උදෙසා නොවෙයි. මෙහි එම හඬ නැඟුම ඇය විහඟ ...

බලන්න නන්දා...

බලන්න නන්දා... අනිත්‍ය,.... ලෝ දහම තුල නොවෙනස් වන එකම ධර්මතාවය වෙනස් වීම (අනිත්‍ය) පමණි. අද මේ මොහොත තුල ඔබ දැන් දකින මා තව මොහොතකින් ඔබට දැකිය නොහැකිය. ඔබ ගත කල ඒ එක් සුළු මොහොත පවා ගෙවී ගොසින් අවසන්ය. එසේම සියළු සංස්කාරයන් වෙනස් වන සුළුය. සියළු සංස්කාරයන් නැසෙන සුළුය. සුවඳ විලවුන් තවරා රකින මේ පංචස්කන්ධය වුවද දිනෙක වැහැරී යයි. දිරාපත් වෙයි. අප මෙය තේරුම් ගෙන කටයුතු කල යුතුය. ඇතැම් විට මෙයද ඔබ නෑසූ ගීතයක් විය හැකී. මෙම හරවත් ගීය සමාධි සිතින් යුතුව විඳ ගන්නට යැයි මා ප්‍රථමයෙන් ඔබ සැමට ආරාධනා කරනවා. ඇය නමින් නන්දා ය, අතිශය රූමත් මේ තරුණිය විවාහ වන්නේ එලෙසින්ම කඩවසම් තරුණයෙකු සමඟයි. දින සති මාස අවුරුදු ගනනින් ඔවුන්ගේ ජීවිත ගෙවී යයි. දැන් ඔවුන් මහළු සමයට පා තබා අවසන්ය. දිනක් මේ වියපත් මිනිසා තම වැහැරී ගිය භාර්යාව දෙස බලා හිඳී. ඔහුට තම භාර්යාව හා පෙමින් බැඳි අතීතය සිහිවෙයි. ඇයගේ වූ සුරූපී බව ඔහුට සිහි වෙයි. නමුත් කාලය සියල්ල සියල්ල වෙනස් කර ඇත. ඇය දැන් මැහැල්ලකි. ඔහු ඇයව මේ වන විට දකින ආකාරය මේ ගීතයේ මූලික කථා තේමාවයි. “ආතුරං අසුචිං ඵුතිං - පස්ස නන්දෙ සමුස්සයං අසුභාය චිත්තං භාවෙහි –...

හන්තාන අඩවිය.

හන්තාන අඩවිය... හන්තාන..., නැවත වරක් මට හිතුනා හන්තාන දෙසට ඇදෙන්නට. හන්තාන කියූ සැනින් මගේ මනස තුල සිතුවිලි වටා චිත්‍රනය වන්නේ පේරාදෙනිය සරසවියයි. එහි රාේස පැහැති මලින් බර වූ රොබේසියා ගස, එලිමහන් රගහල, අවට මලින් බර වූ මනස්කාන්ත පරිසරය, මැනවින් වාස්තු ශිල්ප පෑ සරසවි මැදුරු, එහි සරන සොඳුරු අදස් දරන්නා වූ දහසකුත් මානව මානවිකාවන්, ඒ අතර වන පෙම්වතුන්. අති සුන්දර දසුන් පෙලක් නොවෙයිද? එහෙත් මදකට අප සිතුවාද? අපට අසුරු ස ැනින් චිත්‍රනය වන එම සිතුවිලි දාමය තුල යථාර්ථයේ කෙතරම් කොටසක් වසා සිටිනවාද කියා? මේ ඒ වසන් වූ යථාර්තයක් පිලිබඳ විමසා සිටින ගීතයකි. විමසා සිටින ගීතයකි. හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සදළුතලා පිස මේ එන්නේ පේමයේ සුවද නොවේ හන්තාන අඩවියේ ඇත්තෙන්ම සරසවියට ඇතුලත් වීම හැම දෙනෙක්ටම සිහිනයකි, එහෙත් එහි තුල වන යථාර්ථය පෙනෙනවාට වඩා වෙනස් වෙයි, මේ සොඳුරු පරිසරය තුලින් මතුවන්නේ ප්‍රේමයේ මියුරු ආශ්වාදය පමනක්ම නොවෙයි. විරහවේ වේදනාව පමනක්ද නොවෙයි. එමෙන්ම සෞන්දර්යේ සොඳුරු සිත්තම් පමණක්ද නොවෙයි. කුසින් අඩක් දළ අහරින් සකසා කෙසග සිරුරු රළු යහනේ සතපා අනියත හෙට ගැන සිතමින් විද්‍යා ශිල්ප කළා වනපො...