හන්තාන අඩවිය... හන්තාන..., නැවත වරක් මට හිතුනා හන්තාන දෙසට ඇදෙන්නට. හන්තාන කියූ සැනින් මගේ මනස තුල සිතුවිලි වටා චිත්‍රනය වන්නේ පේරාදෙනිය සරසවියයි. එහි රාේස පැහැති මලින් බර වූ රොබේසියා ගස, එලිමහන් රගහල, අවට මලින් බර වූ මනස්කාන්ත පරිසරය, මැනවින් වාස්තු ශිල්ප පෑ සරසවි මැදුරු, එහි සරන සොඳුරු අදස් දරන්නා වූ දහසකුත් මානව මානවිකාවන්, ඒ අතර වන පෙම්වතුන්. අති සුන්දර දසුන් පෙලක් නොවෙයිද? එහෙත් මදකට අප සිතුවාද? අපට අසුරු ස ැනින් චිත්‍රනය වන එම සිතුවිලි දාමය තුල යථාර්ථයේ කෙතරම් කොටසක් වසා සිටිනවාද කියා? මේ ඒ වසන් වූ යථාර්තයක් පිලිබඳ විමසා සිටින ගීතයකි. විමසා සිටින ගීතයකි. හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සදළුතලා පිස මේ එන්නේ පේමයේ සුවද නොවේ හන්තාන අඩවියේ ඇත්තෙන්ම සරසවියට ඇතුලත් වීම හැම දෙනෙක්ටම සිහිනයකි, එහෙත් එහි තුල වන යථාර්ථය පෙනෙනවාට වඩා වෙනස් වෙයි, මේ සොඳුරු පරිසරය තුලින් මතුවන්නේ ප්‍රේමයේ මියුරු ආශ්වාදය පමනක්ම නොවෙයි. විරහවේ වේදනාව පමනක්ද නොවෙයි. එමෙන්ම සෞන්දර්යේ සොඳුරු සිත්තම් පමණක්ද නොවෙයි. කුසින් අඩක් දළ අහරින් සකසා කෙසග සිරුරු රළු යහනේ සතපා අනියත හෙට ගැන සිතමින් විද්‍යා ශිල්ප කළා වනපො...