වන්නි වනපෙතේ ගම් දනවු පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...
අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...
වන්නි වන පෙත, වංකගිරි වනය. වෙසතුරු සදිසි. ඩිංගකට හිතන්න, මොනතරම් රහයිද මේ වචන ටික. සත්තකින්ම හරිම අපූරු යෙදුම් ටිකක් නෙවෙයිද. ඉතින් "වන්නිය" යන්න දිස්ත්‍රික්කයක් ලෙස සැලකුවත්වත් සාමාන්‍ය ගැමි වහර තුල වන්නිය යන්නෙන් වනය වැනි අරුතක් උත්පන්න කරයි. "වංකගිරිය" යන්න තුල ලඟාවීමට අසීරු අරුතක් උත්පන්න කරයි. එනම් මේ ගීතයේ කියවෙන්නේ දුශ්කර බවෙනුත් අතිශය දුශ්කරවූ ග්‍රාමයන් ගැන නොවෙයිද. "වෙසතුරු සදිසි පියවරු." මේ ගම් වල වෙසෙන වෙස්සන්තර වන් පියවරු. මට දැනෙන මිහිරිම යෙදුම මෙයයි. දන් දීම අතින් ශ්‍රී ලාංකිකයන් ලෙසින් අප කොයිතරම් ඉහලින්ද යන්න නැවත කිව යුතු නොවේ. ඒ අතරිනුත් මේ ග්‍රාම වල වෙසෙන පියවරුන් කොයි තරම් ඉහලින්ද. සැබැවින්ම වන්දනා කල යුතුය.
කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා
ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්
මේ ගම් වල බත් හැලිය ඉදෙන්නේ ගෙදර සිටින සාමාජිකයන් ප්‍රමානයට වැඩියෙනි. ඒ ගෙදරට කිසිවෙකු හෝ පැමිණුනොත් ඹවුන් හා ඒ ඉදෙන බත් පතේ හා සිතෙහි වන සොම්නසේ මිහිර බෙදා ගැනීමටයි. තවද මේ ගම් වල පියවරු අප වන් සංකීරණ නොවූවන්ය. ඔවුන්ගේ සතුට සියල්ල තමන් සතු කරගෙන ලැබූවක් නොවෙයි. සියල්ලන් අතර බෙදාහදාගෙන භුක්ති විඳි සතුටක් ඔවුන් ලැබූ බව නොරහසකි. ඉතින් එවන් වූ වෙස්සන්තර පියවරුන්ට ජාතක වූ දූ පුතුන් නගරයට පැමින වෙනම වූ කටුක ජීවන තරඟයක යෙදෙන්නේ පූරුවෙ පවක් නිසා නොවෙයිද?
කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්.