සිතුවිලි සිර කර බිඳුනු හදවතක..
නොලැබෙන පෙමකට පෙරුම් පිරුව මම..
සිහින අසපුවක,
මතක මැදුර වෙත දුටුව සිහිනයක,
ඔබ කුමරිය වූවා. //
මනාලියක ලෙස ඔබ සැරසී අද..
මගේම මිතුරෙකු අතිනත අරගෙන..
කුලගෙට පිවිසෙන මංගල දිනයේ..
මා තනි කම වින්දා..//
සිතුවම් කර ඔබ හදෙහි නොමැකි ලෙස.
සෙනහස පුද කර මැවු සිහින ලඟ..
නොලැබෙන පෙම් ලොව..
සිහින පවුරු මැද..
මා අසරණ වූවා..//
සිහින සිතුවම් නමින් 2011 දී කල සිතුවමකි..