Skip to main content

හන්තාන අඩවිය.



හන්තාන අඩවිය...

හන්තාන..., නැවත වරක් මට හිතුනා හන්තාන දෙසට ඇදෙන්නට. හන්තාන කියූ සැනින් මගේ මනස තුල සිතුවිලි වටා චිත්‍රනය වන්නේ පේරාදෙනිය සරසවියයි. එහි රාේස පැහැති මලින් බර වූ රොබේසියා ගස, එලිමහන් රගහල, අවට මලින් බර වූ මනස්කාන්ත පරිසරය, මැනවින් වාස්තු ශිල්ප පෑ සරසවි මැදුරු, එහි සරන සොඳුරු අදස් දරන්නා වූ දහසකුත් මානව මානවිකාවන්, ඒ අතර වන පෙම්වතුන්. අති සුන්දර දසුන් පෙලක් නොවෙයිද? එහෙත් මදකට අප සිතුවාද? අපට අසුරු ස
ැනින් චිත්‍රනය වන එම සිතුවිලි දාමය තුල යථාර්ථයේ කෙතරම් කොටසක් වසා සිටිනවාද කියා?

මේ ඒ වසන් වූ යථාර්තයක් පිලිබඳ විමසා සිටින ගීතයකි.
විමසා සිටින ගීතයකි.

හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සදළුතලා පිස මේ එන්නේ
පේමයේ සුවද නොවේ
හන්තාන අඩවියේ
ඇත්තෙන්ම සරසවියට ඇතුලත් වීම හැම දෙනෙක්ටම සිහිනයකි, එහෙත් එහි තුල වන යථාර්ථය පෙනෙනවාට වඩා වෙනස් වෙයි, මේ සොඳුරු පරිසරය තුලින් මතුවන්නේ ප්‍රේමයේ මියුරු ආශ්වාදය පමනක්ම නොවෙයි. විරහවේ වේදනාව පමනක්ද නොවෙයි. එමෙන්ම සෞන්දර්යේ සොඳුරු සිත්තම් පමණක්ද නොවෙයි.

කුසින් අඩක් දළ අහරින් සකසා
කෙසග සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කළා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උණුසුම් සුසුමයි

අපි ‍නොදකින ඇත්තෙන්ම දකින්නට උත්සහ නොකරන සත්‍යක් මේ තුල කියා පායි. මෙහි එන විද්‍යාර්ථයන්ගෙන් බහුතරය, එහි හොස්ටල් වල නැවතී තුන් වේලෙන් දෙවේලක් කා ගෙවන ජීවිතයේ කටුක බව අපෙන් වසන් වී ඇති බව අපට අමතකය. එලෙසින්ම හෙට ගැන ඔවුනට ඇත්තේත් මහ මෙරක් වන් සිහින බලාපොරොත්තු නොවෙයිද, උපාදිය සම්පූර්න කර හෙට දිනයේදී සමාජගත වන ඔවුනට ඒ සඳහා සුදුසු රැකියාවක් ලැබෙයිද යන්න පිලිබඳ 100% තහවුරු කල නියතයක් අප සමාජයේ තිබෙනවාද? එවන් අනියත හෙටක් උදෙසා වෙහෙසෙන මේ මානව මානවිකාවන්ගේ මනසේ පීඩනය කෙබඳුදැයි අපට විග්‍රහ කල හැකිද?

පීඩනයෙන් පැනසර හිස ඔසවා
පෙරමුන ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන් සිහිකරමින්
විද්‍ය ශිල්ප කලා වනපොත් කරනා මානව මනවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි ප්‍රේමයේ සුවද නොවේ.

සියළු පීඩනයන් එලෙස තිබියදී නිදහස් අද්‍යාපනය නම් දරුවා වෙත පාලකයන් පාන කුඩම්මාගේ සැලකිල්ල තුල මේ විද්‍යාර්ථයන්ට නිදහස් අද්‍යාපනයේ දහසකුත් එකක් ගැටළු වන්නට ඇත. ඒවාට නිසි විසඳුම් ලබාගන්නට සටන් කර මේ මානව මානවිකාවන් කොතෙක් ලේ හලන්නට ඇතිද? ඊට පෙරමුණ ගත් මානවකයන් පාලකයන්ගේ මර්ධනකාරී පිලිවෙත නිසා කොතෙක් නම් දිවි පුදන්කට ඇතිද? ඔවුන් හැළු ලේ මතින් රැකුනු නිදහස් අද්‍යාපනය තුල ශිල්ප හදාරන මේ පීඩිත මානව මානවිකාවන්ගේ ජීවන සුවඳ ඔබට මදකට විඳිය හැකිද?

තරමක රැඩිකල් හුරුවක් ඇති මෙම අපූරු පද මාලාවේ හිමිකරු වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. මියුරු සංගීතය මර්වින් පෙරේරා මහතා විසිනි. ගායනය විශාරද නන්දා මාලිනී මහත්මියගේ සුමියුරු හඬිනි....

https://www.youtube.com/watch?v=-ON8OgXEKvY

Popular posts from this blog

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.

මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා.

ප්‍රේම ගීත විරහ ගීත ආදී වශයෙන් කොතෙකුත් නම් ගීත මේ වන විට අප අසා ඇතිද? රසවිඳ ඇතිද? කෙසේ වෙතත් මිනිසෙකුගේ සංවේදී චිත්ත ස්භාවයක් සෘජුවම ස්පර්ශ කල හැකි සාර්ථකම මාධ්‍ය ලෙස මා දකින්නේ ගීතය නම් වූ සියුම් මියුරු පහසයි. තවද ගීතයක රස වින්දනය උපරීම කිරීම සඳහා ගායකයාගේ දායකත්වය හා සංගීතයේ රසමුසුව පමනක් ප්‍රමානවත් වනවා යැයි මා සිතන්නේ නැත. ඇතැම් විට ගීතයේ පද වැලට උරුමකම් කියන කථා මූලය දන්නේ නම් එය තවත් රසය උපරිම කරනු ඇත. එලෙසින්ම පද වැල තුල යෙදෙන උපමා, උපමේය, ව්‍යංගය තුල ගීතයේ රසය ඔප් නැන්වීමට දක්වන්නේ නොමද සහයකි. එක්තරා ගමක පාසල් වියේ පසුවන නව යොවුන් වියේ සිසුවෙක් හා සුසුවියක් වෙයි. ඔවුන් අතර පාසල තුලදීම යම් පෙම් සබඳතාවක් ගොඩ නැඟෙයි. පෙම්වතා ගැන කියන්නේ නම් ඔහු ප්‍රසන්න පෙනුමැති නමුත් යම් යම් අග හිඟ කම් වලින් පෙලෙන පවුලක අයෙකි. පෙම්වතිය සාමාන්‍ය පවුලක ඉගෙනීමෙහි දක්ශ රූමත් තරුණියකි. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ප්‍රේම වෟතාන්තයේ පෙම්වතිය සරසවි වරම් ලබා ගනී. තරුණ පෙම්වතා ඔහුගේ අග හිඟ කම් මැද පාසල් දිවිය හමාර කරයි. ඔහු රැකියාවක් සොයා යයි. ඔහුට ලැබෙන්නේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සමාගමක කම්කරු වෘර්...

මාරම්බරී

විසල් විශ්වයේ සියළු සත්වයෝ හඳුනාගත් එකම භාශාවක් වේද, එනම් සංගීතයම වේ. එවන් සංගීතයේ පෙරදිග හුරුව ස්පර්ශ කල උත්තර භාරතීය හා කර්ණාටක සංගීතයේ ආභාශ තුලද සුපෝශනය වූ හෙල සුභාවිත ගීය තරම් අප සිත් නිවා පහන් කල හැකි වෙන යම් හෝ මහෝෂධයක් තවත් නම් විය හැකිද? මාරම්බරී..... විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගයන ඔහුගේ අතිශය සුවිශේශීතම ගීය මාරම්බරියම වේ. එය එතුමන් පැවැත්වූ ගී ප්‍රසංගයද මාරම්බරී වීම තුල ප්‍රත්‍යක්ශ වේ. කුමාරදාස සපුතන්ත්‍රි මහතා විසින් රචනා වන මෙම අතිශය ශෘංගාරාත්මක ගීය සඳහා සංගීත තත් සුසර වන්නේ රෝහණ වීරසිංහයන්ගේ අතිනි. එහිදී එතුමන් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන රාත්‍රී දෙවන ප්‍රහාරය තුල ගැයෙන අධික ශෘංගාරයක් කැටි වූ තිලක් කාමෝද් රාගය පසුබිම් කර ගැනීමද තවත් සුවිශේශී කරුණකි. එලෙසම මෙම ගීය නිර්මාණ වන්නේද උත්තර භාරතීය ගසල් ගීයේ ආභාෂය ලබමිනි. මේ සියල් කරුණු කැටිව උපදින මාරම්බරිය ශෘංගාර රසය තීව්ර කරන්නේ කිසිඳු ආයාසයකින් තොරවමය. රම්බා දේවිය, දිව්‍යාංගනාවන් අතර වඩාත්ම රුවැති දිව්‍ය අංගනාව වෙයි. ඉතින් යම් පුරුෂයෙකු ලඳක වෙත මාරම්බරී (මා+ රන්බරී) මගේ රන්බරිය කියයි නම්, එතරම් රසවත් ආලවන්ත යෙදුමක් තවත් නම...