Skip to main content

මගෙ උරුමේ,


රැකගමි සොඳුර ඔබ වෙනුවෙන් මගෙ උරුමේ


නෙතින් කඳුළු බිම සිපගත් ඒ මොහොතේ...........
ඊ ලඟ නෙතත් උනු කඳුලින් බර වූයේ................
නෙතු යුග ලෙසින් ජීවත් වුනු අපෙ ලෝකේ.........
ඔබෙ උනුසුමත් අද මා ලඟ නෑ සොඳුරේ..............

සිනහව සමඟ ඔබ සැතපෙයි මල් යහනේ..............
කඳුලැලි වට කරන් හඬවයි මගෙ සිහිනේ..............
උනුසුම සොයා ඔබෙ පුතු අද මගෙ තුරුලේ...........
සෙනෙහස යදිනවා මවකගෙ හද ගැඹුරේ...............

රැකුමට හැකි නමුත් මගෙ පුතු මේ ලෝකේ............
කෙලෙසක දෙන්නෙමිද මම ඔබෙ මවු සෙනෙහේ....
නිකැලැල් ලොවක ඔබ මට දුන් දායාදේ................
රැකගමි සොඳුර ඔබ වෙනුවෙන් මගෙ උරුමේ.........

සිහින සිතුවම් නමින් 2011 දී කල සිතුවමකි..