Thursday, March 10, 2016
මා වවුලන් රෑ පුරාම
මා වවුලන් රෑ පුරාම.....
පුංචි හිත් මොනතරම් අහන්සකයිද, සැහැල්ලුයිද, සුන්දරයිද, අව්‍යාජයිද. ඒත් සත්තකින්ම ඔවුන් වැඩිහිටියන් වෙද්දි ඒ අහිංසක කම, සැහැල්ලුව, අව්‍යාජත්වය කොයිතරම් නම් සිත් වල ඉතිරි වෙනවාද? ඒ වෙනුවට ඊර්ශයාව, ක්‍රෝදය, වෛරය, තෟශ්නාවෙන් නොවෙයිද ඔවුන්ගේ සිත් පිරෙන්නේ? මිල මුදල් දේපල පස්සෙ නෙමෙයිද ඒ සිත් හඹා යන්න පටන් ගන්නෙ? ඇත්තටම අපිට වරදින්නෙ කොතනද? කොතනද අපිට වරද නිවැරදි කරගන්න පුළුවන්?
ඉතින් දැන් මම මේ පූර්විකාව ගත්තු ගීතය ගැන සටහන් කරන්නම්.
මල්ලියේ, මතකද අපේ පුංචි කාලෙ. ඒ දවස් වල අපි මා වවුල්ලු රෑ තිස්සෙ ගස් යට හලන මී අඹ වල රස බලනවා උඹට මතකද? උඹ නැතිව අද මම අඹ ඇහිඳින්න නොගියත් තවම වෙනසක් නැතිව මා වවුල්ලු ඒ ගස් වලට එනව මල්ලියෙ. ඒත් ඉතින් දේපල මිල මුදල් එක්ක වෙනස් වෙච්ච උඹේ ජීවිතේ, උඹ ආයෙ මාව හොයාගෙන එයිද. ඒ කාලෙ මට මතකයි දර කඩන්න කැලේ ගියහම ලොකු මිනිහා වගේ උඹ ඉස්සර වෙනවා. පස්සෙ පාර වරද්දගෙන මං එනකන් තනියම අඬ අඬ ඉන්නවා. එදා උඹට ඒ දැනුනු තනිකම අද උඹ නැතිව මටත් ඒ විදියටම දැනෙනවා මල්ලියෙ. කාලෙත් එක්ක ඒ දේවල් දැන් වෙනස් වෙලා.
ඉස්සර ලාම්පු නිවලා පැදුරු කොටේ නිදා ගන්න යද්දි මම උඹට හොල්මන් ගැන කථා කියනවා. උඹ මගේ තුරුලෙ ගුලිගැහිලා ඒවා අහන් ඉන්නවා මට මතකයි. ඒත් දැන් උඹ දැන් ලොකු මිනිහෙක්. අනෙක් හැම දේම ඒ විදියට තියෙද්දි අපේ සම්බන්දකම් විතරක් වෙනස් වෙලා නේද?
මේ විදියට අයියා කෙනෙක් තම මලනුවන් ගැන තැවෙන ආකාරය ගීතයක පද අතර ගොනු කරන්න කුලරත්න ආරියවංශයන් සමත් වෙනවා. සංගීතය රෝහන වීරසිංහයන්ගේ, මියරු හඬ පන්ඩිත් අමරදේවයන්ගේ.
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා මී ගස් යට මී වැහි වැහැලා බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ මට තනියක් දැනෙනවා දරට ගිහින් කුරුඳු කැලේ මඟ වැරදීලා මං එනතුරු හඬා වැටෙද්දී නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ නුඹ නැතිදා මට තනිකම දැනෙනවා මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා… පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ හොල්මන් ගැන කතා කියද්දී මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ නුඹ නැතිදා මට තනිකම දැනෙනවා මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා… ගීතය වෙත... https://www.youtube.com/watch?v=zXHCO4WOyfo