සඳගිරි පවුව...
දෙමවුපියන්ට අකීකරු වීම හොඳ දෙයක්ද නරක දෙයක්ද? විවාදයක් නෑ ඒක නරක දෙයක් නේ. ඒත් අද සමාජයේ මේ විදිය අකීකරු වීම් බොහොම සුලභයි. හරි, මං දැං ඔබ වෙත ගෙන එන ගීතයේ වස්තු බීජය දෙසට හැරෙන්නම්.
ඇය රූමත් තරුණියක්. ඇය දිනක ඇයට හමුවූ තරුණයෙකු හා පෙම් සබඳතාවක් පටන් ගනී. ඇය ඔහුට බොහෝ සෙයින් පෙම් කරයි. ඇත්තෙන්ම ඇයට හිමි සඳ කුමරා ඔහු යැයි ඇය වටහා ගනී. දැන් ඇයගේ එකම සිහිනය සඳ ගිරි පවුව වන් වූ කිඳුරු කොදෙවුක සුවදායක නවාතැන්පලක තමන් පෙම් කරන ඒ සඳ කිඳුරා සමඟ ජීවිතය බෙදා ගැනීමයි. කෙසේ වෙතත් කාලය ගෙවෙද්දී මේ පෙම් හබය පිලිබඳ ඇයගේ මව දැනගනී. මව එයට තදින්ම විරුද්ධ වෙයි. තරුණිය සිය මවට අකීකරු වී සිය ජීවිතය පිලිබඳ තීරනාත්මක තීන්දුවක් ගනී. ඇය තම පෙම්වතා සමග සිය සිහන මැවූ ලෝකය වෙත පියමන් කරයි.
ගත වන්නේ අල්ප කාලයකි. ඇය තරනය කරන සඳ ගිර ඇයට ඔහු හා තරනය කිරීම බැරි බව ඇයට තේරුම් යයි. ඇත්තෙන්ම තම පෙම්වතා වරදට පෙලඹුනු කෙලිලොල් අයෙක් බව ඇයට තේරුම් යන්නේ කාලයත් සමඟයි. ඔහුගේ සතුට වන්නේ රාත්‍රී සමාජශාලා හා වෙනත් ස්ත්‍රියන් ඇසුරයි. එලෙසින්ම ඇයට ඔහුගේ නොයෙකුත් වධ බන්ධනයන්ටද යටත් වීමට සිදුවෙයි. කෙමෙන් ඇයට කුල ගෙය ගිනිගෙයක් බවට පත් වෙයි. ඒ වන විට කිසිඳු හවු හරනක් නැති ඇය නැවත සිය මව සොයා යයි. ඒ අවස්ථාවේ ඇයගේ හදෙහි නැගෙන ශෝඛාලාපය මෙම ගීතයට පදනම සපයයි.
සඳ ගිරි පව්ව උසයි
කිඳුරා හරිම වසයි
මම ගෙදර එන්න ආවා අම්මේ..
දොර අරින්න නුඹ විතරයි ඉන්නේ….
.................................................
රත්තරන් කියා කඩු තුඩ
මං ඇන ගත්තේ පපුවට
නුඹ එපා කියද්දී ම යි අම්මේ
ඒ කුල ගෙය දැන් ගිනිගෙය වැන්නේ…..
...................................................
සල් පිලෙන් අරන් නටවන
කිඳුරියන් රඟන සඳගිර
මට අරුමෝසම් හුරු නෑ අම්මේ
නිය පහුරු වැදුනු හිත බලපන්නේ….....
..................................................
ඉතින්, කොහොම වුනත් අවාසනාවකට මේ අපූරු අරුත් බර ගීතය බොහෝ දෙනා අතර වැඩි ප්‍රචාරය නොවුනත් බොහොම ලයාන්විත වචනයේ අරුතින්ම අපූරුතම ගීයක්. මෙහි පද රචනය ප්‍රවීන ගීත රචක රවී සිරවර්ධනයන්ගේ, සංගීතය දර්ශන වික්‍රමතුංගයන්ගේ, එ් වගේම ගායන ශානිකා සුමනසේකර මහත්මියගේ ලයාන්විත හඬින්.
එසේනම් ඔබට ආරාධනා කරනවා මේ ගීතයේ රස පහස විදින්නට.
මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...
