Skip to main content

ආරාධනා...!!


ආරාධනා...!!

ඔබට තනි මාවතක අතරමං විය හැකිද? ඇත්තේ ඉදිරියට යාමක් හෝ නැවත ආපසු හැරීමක් පමණි. වෙනත් මාවතක්ද නොවෙයි.
යම් දිනෙක ජීවිතයේ බරපතල අවස්ථාවක තීරනයක් ගැනීමේදී ඔබ තනි මගක අතරමං වුවොත්.
කථාව සැකෙවින් මෙසේය,

වෟර්තියෙන් ඉංජිනේරුවරයෙකු වන තරුණයෙකු හා රූමත් හෙදියක අතර ආදර සබඳතාවක් ගොඩ නැඟෙයි. හැල හැප්පීම් මැදින් ගලා යන ඔවුන්ගේ ජීවිතයට පෙම්වතාට දාව රූමත් හෙදිය ගැබ් ගනී. මෙයින් කලබල වන හෙදිය තම කලලය නැති කර ගැනීම පිනිස වරෙක යම් ඖෂද වර්ගයක් ලබා ගනී. නමුත් පසුව ගැබ්ගැනීම පිලිබඳව ඇය පෙම්වතා වෙත දන්වයි. ඒ බව දැනගත් පෙම්වතා ඇය හා විවාහ ගිවිසගනී. ඔවුන්ට දාව කුළුඳුල් දරුවා මෙලොව එලිය දකී. එය තරුණ පෙම්වතාට නැවත උපන්නාක් මෙන් සතුට ගෙන දෙන්නක් වේ.

නමුත් අවාසනාව ඔවුන් ලඟම විය. තරුණ හෙදිය කලලය නැති කිරීම පිනිස ලබාගත් ඖෂදය නිසා ඔවුගේ සතුට ඉතා තාවකාලික එකක් වෙයි. දරුවා අකාලයේ මිය යයි. මෙයින් බලවත් කලකිරීමට පත් වන පෙම්වතා අතින් තම පෙම්වතිය නිවසින් පන්නා දමන තැනටම කටයුතු සිදුවෙයි. ඒ වගේම රට හැර දමා යාමට තරමින්ම ඔහුගේ අතීතය ඔහුට වද දෙයි. අවසානයේ ඔහු රට හැර යාමට සියල්ල සූදානම් කරගනී. එහෙත් ඇයව ඔහුගේ මතකයෙන් මකා දැමීමට ඔහුට හැකියාවක් නැත. ඇයගේ මතකය හමුවේ ඔහු තනි මංසලක අතරමං වෙයි. ඉදිරියට යන්නේ නම් ඔහුට ඒ සඳහා මාර්ගය විවරවී අවසානය. ආපසු හැරෙන්නේනම් එයද ඔහුට උත්සහ කල හැක.
ඔබ සිතන්නේ කුමක්ද?

ඔවු. ඔහු ආපසු හැරෙයි. නැවත සිය බිරිඳ සොයා යයි. ඔවුන් නැවත ජීවිතය අළුතින් පටන් ගනී..
ඉතින්, පෙම්වතා පෙම්වතිය සොයා යාමේදී ඔහුගේ මනස තුල පෙම්වතිය වෙත කරන මනෝමය ආරාධනය මෙම ගීතයේ ඇතුලාන්තයයි. විජය ධර්මශ්‍රි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ආරාධනා චිත්‍රපටිය වෙනුවෙන් කුලරත්න ආරියවංශයන්ගේ පද රචනයට, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන අරාධනා ගීතය අැත්තෙන්ම දෙසවන පුරා අදටත් ඔබ සැමට එක සේ සිත් ලෙසින් විඳිය හැකි ගීතයක් බව නොඅනුමානයි.

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න..
ආරාධනා...

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා..
ආරාධනා

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
ආරාධනා...

ගීතය  වෙත පිවිසෙන්න.
https://www.youtube.com/watch?v=r8tl3ROSF3E

Popular posts from this blog

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.

මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා.

ප්‍රේම ගීත විරහ ගීත ආදී වශයෙන් කොතෙකුත් නම් ගීත මේ වන විට අප අසා ඇතිද? රසවිඳ ඇතිද? කෙසේ වෙතත් මිනිසෙකුගේ සංවේදී චිත්ත ස්භාවයක් සෘජුවම ස්පර්ශ කල හැකි සාර්ථකම මාධ්‍ය ලෙස මා දකින්නේ ගීතය නම් වූ සියුම් මියුරු පහසයි. තවද ගීතයක රස වින්දනය උපරීම කිරීම සඳහා ගායකයාගේ දායකත්වය හා සංගීතයේ රසමුසුව පමනක් ප්‍රමානවත් වනවා යැයි මා සිතන්නේ නැත. ඇතැම් විට ගීතයේ පද වැලට උරුමකම් කියන කථා මූලය දන්නේ නම් එය තවත් රසය උපරිම කරනු ඇත. එලෙසින්ම පද වැල තුල යෙදෙන උපමා, උපමේය, ව්‍යංගය තුල ගීතයේ රසය ඔප් නැන්වීමට දක්වන්නේ නොමද සහයකි. එක්තරා ගමක පාසල් වියේ පසුවන නව යොවුන් වියේ සිසුවෙක් හා සුසුවියක් වෙයි. ඔවුන් අතර පාසල තුලදීම යම් පෙම් සබඳතාවක් ගොඩ නැඟෙයි. පෙම්වතා ගැන කියන්නේ නම් ඔහු ප්‍රසන්න පෙනුමැති නමුත් යම් යම් අග හිඟ කම් වලින් පෙලෙන පවුලක අයෙකි. පෙම්වතිය සාමාන්‍ය පවුලක ඉගෙනීමෙහි දක්ශ රූමත් තරුණියකි. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ප්‍රේම වෟතාන්තයේ පෙම්වතිය සරසවි වරම් ලබා ගනී. තරුණ පෙම්වතා ඔහුගේ අග හිඟ කම් මැද පාසල් දිවිය හමාර කරයි. ඔහු රැකියාවක් සොයා යයි. ඔහුට ලැබෙන්නේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සමාගමක කම්කරු වෘර්...

මාරම්බරී

විසල් විශ්වයේ සියළු සත්වයෝ හඳුනාගත් එකම භාශාවක් වේද, එනම් සංගීතයම වේ. එවන් සංගීතයේ පෙරදිග හුරුව ස්පර්ශ කල උත්තර භාරතීය හා කර්ණාටක සංගීතයේ ආභාශ තුලද සුපෝශනය වූ හෙල සුභාවිත ගීය තරම් අප සිත් නිවා පහන් කල හැකි වෙන යම් හෝ මහෝෂධයක් තවත් නම් විය හැකිද? මාරම්බරී..... විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගයන ඔහුගේ අතිශය සුවිශේශීතම ගීය මාරම්බරියම වේ. එය එතුමන් පැවැත්වූ ගී ප්‍රසංගයද මාරම්බරී වීම තුල ප්‍රත්‍යක්ශ වේ. කුමාරදාස සපුතන්ත්‍රි මහතා විසින් රචනා වන මෙම අතිශය ශෘංගාරාත්මක ගීය සඳහා සංගීත තත් සුසර වන්නේ රෝහණ වීරසිංහයන්ගේ අතිනි. එහිදී එතුමන් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන රාත්‍රී දෙවන ප්‍රහාරය තුල ගැයෙන අධික ශෘංගාරයක් කැටි වූ තිලක් කාමෝද් රාගය පසුබිම් කර ගැනීමද තවත් සුවිශේශී කරුණකි. එලෙසම මෙම ගීය නිර්මාණ වන්නේද උත්තර භාරතීය ගසල් ගීයේ ආභාෂය ලබමිනි. මේ සියල් කරුණු කැටිව උපදින මාරම්බරිය ශෘංගාර රසය තීව්ර කරන්නේ කිසිඳු ආයාසයකින් තොරවමය. රම්බා දේවිය, දිව්‍යාංගනාවන් අතර වඩාත්ම රුවැති දිව්‍ය අංගනාව වෙයි. ඉතින් යම් පුරුෂයෙකු ලඳක වෙත මාරම්බරී (මා+ රන්බරී) මගේ රන්බරිය කියයි නම්, එතරම් රසවත් ආලවන්ත යෙදුමක් තවත් නම...