නීතිය........,
ශිෂ්ඨ සම්පන්න මිනිසාගේ යහ පැවැත්ම උදෙසා නීතිය ඉටු කරන්නේ නොමද කර්තව්‍යකි. නීතියේ රාමුව සැමට සධාරණ එකක් විය යුතුය. එලෙසින්ම සාධාරණ සමාජයක් උදෙසා විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන බල ත්‍රිත්වයම ස්වාධීන විය යුතුය. එහෙත් අවාසනාව නම් එය එසේ නොවන බව මෑත ඉතිහාසය තුලම සපථ වීමයි.
ශිෂ්ඨ සම්පන්න මිනිසාගේ යහ පැවැත්ම උදෙසා නීතිය ඉටු කරන්නේ නොමද කර්තව්‍යකි. නීතියේ රාමුව සැමට සධාරණ එකක් විය යුතුය. එලෙසින්ම සාධාරණ සමාජයක් උදෙසා විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන බල ත්‍රිත්වයම ස්වාධීන විය යුතුය. එහෙත් අවාසනාව නම් එය එසේ නොවන බව මෑත ඉතිහාසය තුලම සපථ වීමයි.
අධිකරණයේ නිල සංකේතය, නීතියේ දෙවඟනය. ඇය දෑස කාල වර්ණ කඩ තිරකින් දෙනෙත වසා සිටී. එයින් ඇගේ අපක්ශපාතීත්වය විදහා පායි. බලය, නිලය, වත් පොහොසත් කම් යුක්තිය පසඳිලීම යන කාරණයේදී ඇය දකිනේනේ නැත. ඇගේ එක් අතක තුලාවකි. එයින් තීරණ වලදී තුලනාත්මක බව විදහා දක්වයි. සත්‍ය වශයෙන්ම එහි කිරා මැන බලන්නේ සාධාරණත්වය හා අසාධාරණත්වය පමණි. ඇගේ අනෙක් අතෙහි වන අසිපතකි. ඉන් යුක්තිය ඉටු කිරීම විද්‍යාමාන කරයි.
තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබෙ කුමරි බඹසර
රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල ...//
සැකයි මට ඔබෙ කුමරි බඹසර
රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල ...//
වත්මන් කටුක යථාර්තය තුල නීතියේ වල් වැදීම කියා පාන්නට ගීතයේ ප්‍රථම අර්ධය තුලම රචකයා උත්සාහ දරා ඇත. නීතියේ දෙවඟන සැම විටම ස්වාධීන හා සියළු දෙනා කෙරෙහි අපක්ශපාතී විය යුතුය. නමුත් අවාසනාවට නීතියේ දෙවඟන රටේ පාලකයාට දක්වන්නේ නොමද හිතෛශීවන්ත බවකි. මේ නිසා ඇගේ පාරිශුද්ධ බව පිලිබඳව ඇත්තේ කුකුසකි. කෙසේ් නමුත් පාලකයා වෙත පාන ඇගේ හිතෛශි වන්ත බව පිලිබඳව කියා පාන්නට රචකයා විසින් අපූරු යෙදුමක් ගෙන ඇත.
“රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල “
එම ව්‍යංගය මුසු යෙදුම කෙතරම් කාලෝචිතද යන්න වත්මන් රටේ තත්වය සමඟ සසඳා බැළුවද වැටහී යනු ඇත.
“රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල “
එම ව්‍යංගය මුසු යෙදුම කෙතරම් කාලෝචිතද යන්න වත්මන් රටේ තත්වය සමඟ සසඳා බැළුවද වැටහී යනු ඇත.
ඉරා සළු පට බැඳුනු නෙතු යුග
තරාදිය ගෙන හෙළා ගඟ දිය
තලා අසිපත නසා එහි බල
පසිඳලිය හැකිවේද යුක්තිය
තරාදිය ගෙන හෙළා ගඟ දිය
තලා අසිපත නසා එහි බල
පසිඳලිය හැකිවේද යුක්තිය
ගීතයේ දෙවන අර්ධය තුල අධිකරණයේ නැතිනම් නීතියේ ඳෙවඟනගේ ක්‍රියා කලාපය පිලිබඳ පැනයක් නඟන්නට රචකයා උත්සුක වූ සෙයකි. දෙනෙත බැඳි සළු පට ඉවත් කර ඇය සත්‍ය දකින්නේ කෙලෙසද? දෑස බැඳි කඩ තිරෙන් මිදුනු ඇය බලය, නිලය, වත් පොහොසත් කම් ආදිය නොදකී යැයි කාට නම් කිව හැකිද? තවද ඇය අතෙහි වන තුලාව ඇගෙන් ගිලිහුනු සෙයකි. යුක්තියේ අසිපතෙහි බල බිඳුනු සෙයකි. බලවතුන්ගේ අරමුණු උදෙසා දෑස් විවර කල නීතියේ ඳෙවඟන මෙලෙස ක්‍රියා කරන විට බලාපොරොත්තු විය හැකි යුක්තිය කුමක් දැයි රචකයා විසින් පැනයක් නඟන පැනයකි.
ධවල සළු පිළි සොරුන් ගත්තෙද
මිණි මෙවුල් දම් ගරා හැලුණිද
ඔබේ ගත රැඳි දුහුල් සළුපොට
හමන සුළඟට ඉගිල යාවිද
මිණි මෙවුල් දම් ගරා හැලුණිද
ඔබේ ගත රැඳි දුහුල් සළුපොට
හමන සුළඟට ඉගිල යාවිද
නීතියේ ආදිපත්‍ය බිඳ වැටීම පිලිබඳව තව දුරටත් තහවුරු කිරීමට ගීතයේ අවසාන අර්ධය සමත් වෙයි. ධවල සළු පිලි පවිත්‍රත්වයේ සංකේතයක් බඳුය. නමුත් යුක්තියේ දේවතාවිය කෙරෙන් මේ කියා පාන පාරිශුද්ධ බව සොරුන් රැගෙන ගොස් ඇති සෙයකි. මිනි මෙවොල් දම් යනු කාන්තාවන් ශෝබ මාන කරන අගනා අභරනයක් වෙයි. නීතියේ දේවතාවියගේ මෙවොල් දම් වල ගරා හැලීම ප්‍රශ්න කරමින් මතු කරන්නේ ඇය කෙරෙන් වූ තේජස, අභිමානය, ආධිපත්‍ය බිඳ වැටීම නොවෙයිද? අවසාන වශයෙන් ගීතයේ පවසන අයුරින් ඇගේ ගත රැඳි විලි වසා ගත් දුහුල් සළුවද අවනීතියේ සුලඟට හසුව ගසාගෙන යයි නම්........,,, මෙතැන් සිට සිතන්නට මා ඔබට බාර කරමි...
කෙසේ නමුත් මේ කාලෝචිත ගීතයේ පද රචනය උපුල් ජයමාන්න මහතා විසිනි. සංගීතය ඩෙනිස්ටර් පෙරේරා මහතා විසිනි. මියුරු හඬ අමරසිරි පීරිස් මහතා වෙතිනි.