Skip to main content

Posts

Ajeeb Daastaan Hai Yeh Kahan Shuru Kahan Khatam මෙය පුදුම කථාවකි, කොහෙන් අරඹන්නද, කොතනින් අවසන් කරන්නද, Pardesiya yeh sach hai piya . Sab kehte hain maine tujhko dil de diya පිට දේශකයානෙනි, මෙය සත්‍යයි ප්‍රියය, සැවොම කියාවි මා නුඹට මගේ හදවත පුදකල බව. ලතා ජී, ඇත්තෙන්ම මා මගේ හවදත ඔබට පුදකර හමාරය, ඒ සදා කල් නොමියෙන හඬ මාධුර්ය කන වැකෙන සැම කලෙක මා නැවත නැවතත් මුසපත් වෙමි. අවු 87 ඉක්මවන එහෙත් තාරුන්‍ය අල්ප මාත්‍රයකින් අඩු නොවුනු ඒ හඬ කෙරෙහි ඇති ඇල්මද සදාතනිකය. 1997 ඇගේ සජීව ප්‍රසංගයේ සංයුක්ත දර්ශන ඉතා පරෙස්සමෙන් තවමත් මා සංතකයේ සුරක්ශිත ව ඇත්තේ ඒ හඬ කෙරෙහි ඇති ඇල්ම නිසාමය. කාජල්, තාබු, මුම්ටාස්, රේඛා, හේමා මාලිනි, ශ්‍රී දේවි, නාගිස්, මධුරි, ජායා බච්චන්, මනීශා ආදී මෙකී නොකී අති විශාල රංගනියන් පිරිසකට ඇගේ හඩ ජීවය සපයමින් සමපාත වන අයුරු වරෙක මා හට පුදුම සහගතය. මා යම් වරෙක අසා ඇති සැටියෙන් භාශා 32කට වැඩියෙන් ඇය ගීත ගායනා කර ඇත. ඇය ඉංදියාවට හිමි වූ නමුත් ඉංදියාවට පමණක් අයිති නොවූ මුළු ලොවටම අමිලතම වූ සම්පතක් මිහිරි ගී රාවය ලතා මංගේෂ්කාර් කෝකිලාවන් ම වෙයි.

රෑ සුපිපි ඉඳුවරී

ඉඳුවර නොපිපෙනා ගොම්මන පැමිණි සඳ විකසිත වුනා වූ ඉඳුවර කැකුල            නුඹ අවසර නොමැති රෑ අඳුරට පෙමින්       බට නුඹෙ රොන් කෙරෙන් බිඟුනට නම් වේද පල අළුයම පතිත හිරු කිරනක පහස        ලඟ රුසිරෙන් දැවුනු නුඹ සියපත් දුටින        සඳ මධු රොන් පිරුනු මල් කෙමි මැද බඹර කැල රැඟුමන් නොපාවිද තුටු සිත් කෙරෙන්   බට

මින්දද හී සර ‍වැදී සැලෙන හද

ප්‍රේමය හා රාගය, ඊට මා අරුත් සපයා දීම අපහසු සොඳුරු, සමගාමී චිත්ත ස්වරූපයන් දෙකක් යැයි කිව හොත් ඔබ එකඟ වනු ඇතැයි සිතමි. සැබැවින්ම නුරාව මද පමනින් මුසු වූ ප්‍රේමය තරම් සිංහල සාහිත්‍ය වෙත සොඳුරු, ප්‍රසන්න සංකල්පයන් උත්පන්න කල තවත් යමක් එක වර මසිතට නොනැඟෙයි. කෙසේ නමුත් කලකට පසු අරුත වෙත යමක් ලියන්නට මා සිතුවිලි අවධි කල මේ ගීය මඩවල එස් රත්නායකයන් විසින් රචනා කරන ලදුව ආචාර්ය පන්ඩිත් අමරදේවයන්ගේ සංගීතයෙන් හා ගායනය සුසංයෝග වූ අපූර්වතම ගීයකි. ඒ අන් කවරක් වත් නොව "මින්දද හී සර" ගීය වෙයි. වර්ථමානය කෙසේ වෙතත්, මෙය අපේ හෙල සුභාවිතය යැයි කිව හැකිවූ සංගීත සාහිත්‍ය ඉතිහාසයක් අප සතුය. එ තුල කිව යුතු ඕනෑම පුළුල් පරාසයක් වුවත් පද වැල් කිහිපයක් අතර ගොනු වන්නේ අතිශය සෞන්දර්යාත්මකවය. සැබැවින්ම ඇතැම් තැන්හි නිර්මාපකයා විසින් ඔහුට ගෙන ආ යුතු අධික ශෘංගාරය පවා ව්‍යංගය තුල සඟවා සොභා දහමේ ආදේශකයන් මත ඉදිරිපත් කරන්නේ අතිශය ආකර්ශණිය ලෙසිනි. ඇත්තෙන්ම සොභා දහම සමඟ බද්ධ වූ එවන් කලාවේ රසය මෙය යැයි අරුත් සැපයීමට මා අපොහොසත්ය. නමුත් මේ ගීතයේ පද වැල් අතරින් මා උකහා ගත් රසය මදකින් හෝ ඔබට සමීප ක...

ත‍ටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා

ත‍ටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා ඉතින් මෙය සමන්ත පෙරේරා මහතාගේ ප්‍රේමණිය සංගීත තත් අතර ප්‍රභාමත් වූ උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ ආකර්ශණීයතම පද වැලකි.  අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬ තුල ඊට සපයා දෙන ජීවය අතිශය හැඟුම්බර වේ. කෙසේ වෙතත් එක්තරා අභිනව විවාහකයෙකුගේ (යෝජිත විවාහයක) සංවේදී කථා හරයක් ඔස්සේ ගලා යන පද වැල තුල ගොනු වන්නේ තම විවාහක බිරිඳගේ හිතුවක්කාර හැසිරීමක් පිලිබඳවයැයි මා අදහස් කරමි. බොහෝ විට විවාහප්‍රාප්ත ඇය තම අතීත ප්‍රේමයක සුන් බුන් අතර හිඳිනවා වන්නට ඇත.  ත‍ටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා කොහොම කීවත් නවත්වන්නට බෑ ප්‍රේම ආලින්දයේ එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ විවාහය තුල යුවලක් එක් අයෙකු බවට පත් විය යුතුය. එකිනෙකාගේ හැඟීම් තේරුම්ගෙන කටයුතු කල යුතු වේ. එමෙන්ම යම් සීමාවන් තුල රැඳී කටයුතු කිරීම, ප්‍රේමයේ බැඳීමක අනිවාර්ය නියතයක් වේ. ඔහු ප්‍රේම කරන තම ප්‍රිය බිරිඳ ඒ කියන්නා වූ නියතයන් අභිබවා ඔහේ පියා සලා යයි නම් ඔවුන් අතර ඝට්ටනයක් ඇති වීම ස්භාවිකය. කෙසේ නමුත් මේ විවාහක ප්‍රේමවන්තයා ඇයට යථාර්ථතය නැමති මහපොලව මත ඔහුගේ ප්‍රේමයේ ආලින්දයේ නවාතැන් ගන්නට යැයි ඇයට කරන ඇරයුමක සේයාවකි. (...

හෙවනැලිද ඉකිබිඳී

ඇත්තෙන්ම මෙම ගීතය ඉතා මෑතකදී අහම්බෙන් මෙන් මා සවනත වැකුනු සොඳුරුතම ගීයකි. ඇසූ ප්‍රථම වර වුවද සුනිල් ආරියරත්නයන් අතින් නිමැවුනු එහි පද වැල හා නන්දාමාලිනී මහත්මියගේ භාවාත්මක සුගායනය මා සිතෙහි ඇතිකලේ ශෝඛි රසය මුසු ප්‍රකම්පනයක් යැයි කිවහොත් එය අතිශෝප්තියක් නොවෙයි. එසේම මේ තුල මතු කෙරෙන අන්තර්ගතය තුල තමන් අතින් සිදුවූ වරදක් හේතුවෙන් මංගල දිනය දා අසරණ වන යුවතියකගේ ආත්මීය වැලපීම විදහා දක්වයි, හෙවණැලි ද ඉකි බිඳී ගණ අඳුරේ ගහකොළ ද පණ අදී බිම වැතිරී අභය ඉල්ලා යදින්නී ඈ ආලයේ නාමෙන් ඝන අඳුර තුල සෙවනැලි නම් කොහි තිබිය හැකිද? නමුත් මේ තුල කියාපානු ඇත්තේ මා පෙර කී යුවතියගේ, අතීතය නම් අඳුර තුල සැඟව ගිය සෙවනැලි වන් ස්මරණයන්ගේ වර්ථමාන විලාපය නොවියහැකිද. එසේම එවන් අවස්ථාවක ස්භාවධර්මයේ ගහකොල පවා බිම වැතිර පණ අදිමින් මේ මතුකරලන්නේ ඇගේ සසල වූ සිතෙහි වන අති මහත් පිඩාවේ ස්වරූපය නොවෙයිද. මෙවන් මොහොතක ඇය සිය ස්වාමීයාගෙන් අභය ඉල්ලනවා හැර අන් කුමක් නම් කරන්නද "සෙවනැලි පවා ඉකි බිඳ හඩන, ගහ කොල පවා කම්පිතව සසල වන." ඇත්තෙන්ම, මංගල දිනය තුල එවන් ඛේදනීය ඉරණමක හිමිකාරියක වන යුවතියකගේ ආත්මීය වැලපීම විදහා පාන...

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ

මෙම ගීය බන්දුල නානායක්කාරවසම් මහතා අතින් සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් රචනා වන තවත් සුවිශේෂී ගීතයකි. එහි මියුරු සර රෝහණ වීරසිංහයන් අතිනි. එක්තරා පෙම්වතෙකු විසින් තම යුවතියක වෙත කරන්නා වූ සදාදරණීය ප්‍රේම යෝජනාවක් මෙන්මෙ බලාපොරොත්තුවක සේයාවන් පිලිබඳ මෙහි අරුත තුල දෝලනය වන බව මගේ අදහසයි. නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ // ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ ගීතයේ පලමු කොටස තුලම ඇයව විශ්වාසණීය බලාපොරොත්තුවක් වෙත ගෙනයන්නට පෙම්වතා උත්සුක වන සෙයකි. නිම් හිම් නොපෙනෙන, නොයෙක් විශ වලින් ගහන මිනිසුන් පිරි සමාජය තුල ඔහුගේ රැකවරණය අභියස ඇයට දොම්නසක් නොවන වත පිරුනු සිනහව රැඳෙනු දැකීම ඔහුගේ බලාපොරොත්තුවයි, නැතහොත් ඇගේ සිනාව ඔහුගේ නවාතැනයි. සත්‍ය ලෙසම ඔහුගේ පරම අභිලාශය ඇගේ සතුටයි. ඉතින් එවන් ප්‍රේමයක අරුණු උදා නොවේ යැයි කිව හැකිද. "ගීතයේ දෙවන පද පෙලෙහි සපුන් යන්න වෙනුවට සතුන් යන්න යෙදුවද තනුව හා සමපාත වන නමුත් එය සපුන් ලෙස ගැනීම තරමක් දුරට අරුතේ හැසිරීම වඩා තීව්ර කිරීමක් බව මගේ අදහසයි. සපුන් ලෙස ගන්නා මේ යෙදුම සර්පයන් ලෙසට නිර්වචන දිය හැක. සත්ව ලොකයේ ඇතැම් සර්පයන...

මාරම්බරී

විසල් විශ්වයේ සියළු සත්වයෝ හඳුනාගත් එකම භාශාවක් වේද, එනම් සංගීතයම වේ. එවන් සංගීතයේ පෙරදිග හුරුව ස්පර්ශ කල උත්තර භාරතීය හා කර්ණාටක සංගීතයේ ආභාශ තුලද සුපෝශනය වූ හෙල සුභාවිත ගීය තරම් අප සිත් නිවා පහන් කල හැකි වෙන යම් හෝ මහෝෂධයක් තවත් නම් විය හැකිද? මාරම්බරී..... විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගයන ඔහුගේ අතිශය සුවිශේශීතම ගීය මාරම්බරියම වේ. එය එතුමන් පැවැත්වූ ගී ප්‍රසංගයද මාරම්බරී වීම තුල ප්‍රත්‍යක්ශ වේ. කුමාරදාස සපුතන්ත්‍රි මහතා විසින් රචනා වන මෙම අතිශය ශෘංගාරාත්මක ගීය සඳහා සංගීත තත් සුසර වන්නේ රෝහණ වීරසිංහයන්ගේ අතිනි. එහිදී එතුමන් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන රාත්‍රී දෙවන ප්‍රහාරය තුල ගැයෙන අධික ශෘංගාරයක් කැටි වූ තිලක් කාමෝද් රාගය පසුබිම් කර ගැනීමද තවත් සුවිශේශී කරුණකි. එලෙසම මෙම ගීය නිර්මාණ වන්නේද උත්තර භාරතීය ගසල් ගීයේ ආභාෂය ලබමිනි. මේ සියල් කරුණු කැටිව උපදින මාරම්බරිය ශෘංගාර රසය තීව්ර කරන්නේ කිසිඳු ආයාසයකින් තොරවමය. රම්බා දේවිය, දිව්‍යාංගනාවන් අතර වඩාත්ම රුවැති දිව්‍ය අංගනාව වෙයි. ඉතින් යම් පුරුෂයෙකු ලඳක වෙත මාරම්බරී (මා+ රන්බරී) මගේ රන්බරිය කියයි නම්, එතරම් රසවත් ආලවන්ත යෙදුමක් තවත් නම...

තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා

තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා කාන්තාවගේ පියයුරු රණ තිසරුන්ට සම කිරීම නිතැතින්ම සාහිත්‍ය තුල සුලභය. එතරම් අපූරු ව්‍යංගයක් ඒ සඳහා නොවනු ඇත.  සුරත් නෙළුම් කැකුල (අතිශය රත් පැහැති නෙළුම් කැකුල.) වන්ව හදවතට විකසිත වන්නට ඉඩ දෙන්නටයි මේ ආරාධනය. (රත් පැහැය වන් ශෘංගාර රසයට සමීප වර්ණයක් නොවෙයි.) දුනු දියෙන් මිදී (දුනු දිය යනු දුන්න බැඳි ලනුවය) මදරද ( මද+රද යන්න තරමක් පැහැදිලි කිරීමට අපහසුය. නමුත් ඒ තුල තනිකඩයකුගේ විරහ ගින්න වන් වූ අරුත් වෙයි) ඉතින් මේ තුල ජනිත කරන්නේ දුන්නෙන් මිදුනු හීයක් වන් වූ රාගයේ ගිනිදැල් වන් අරුතක් බව මා අදහස් කරමි.  ලලිත ලවන (අති දැකුම්කළු මුහුන) සිබ සරන්න කරන්නා වූ සරගී ආමන්ත්‍රනයකි. (රාධා යන යෙදුම තුල ඇය දමිල තරුණියන් වන්නට ඇතැයි සිතමි) කොලොම් වන හිසේ මුවරද මමන මද පොදින් සීතල වපුල කලාපේ මංගල  යහන් සලුව සෝදා සුසුම් නලින් වියැලෙන්නට  ඉඩහරින්න රාධා කොලොම් යනු බක් මී මලට සමාන පුෂ්ප දරන්නා වූ සුවිසල් වනස්පතියකි. කොලොම් මලින් මමන (වෑහෙන) මුවර...

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.

මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...

සතර වරම් දෙවු මහ රජ

සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින්...... අමරදේව ශූරීන් විසින් ගායනා කරන්නා වූ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත තවත් එක් ආකර්ශණීය ගීතයකි. එහි තනු නිර්මාණයද අමරදේව ශූරීන් අතින් වීම තවත් සුවිශේශී කාරණයකි. කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලාංකීය සමාජ පසුබිම සමඟ ගත් කල ගීත‍යේ අරුත මා තුල ඇති කරන්නේ නම් යම් ඝට්ටනයකි. ඒ කෙසේ වෙතත් මේ ගීතයේ හරය සෘජුවම ස්පර්ශ කරමින් පුබුදුවා ලන්නේ දේශානුරාගය හා මුසු වූ ආශිර්වාදාත්මක භාවයන් ය. එලෙසින්ම එය රජ රට ගොවි ගම්මානයක ගොවි පවුලක උපත ලබන්නා වූ බිලිඳෙකු වෙනුවෙන් යැයි උපකල්පනයක් මා තුල වෙයි. සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්... සතර වරම් දෙවියන්, සෞභාග්‍ය, සශ්‍රීකත්වය වෙනුවෙන් නිමැවුනු බල සම්පන්න සීවලී යන්ත්‍රයේ පවා සිවුකොන රැකවල් ලා සිටින ධ්‍රතරාෂ්ඨ, විරූඩ, විරූපාක්ෂ හා වෛශ්‍රවන නම් සදෙවු ලොව අධිපති දෙවිවරුන් සිවු දෙනා ඔබේ මතකයට එනු ඇතැයි සිතමි. එමෙන්ම සිංහල සංස්කෘතිය තුල පිරිත් පැන් කලස හා පුවක් මල් කිණිත්ත සමඟ ඇති ආශිර්වාදාත්මක සබැඳියාව නැවත කිව යුතු නොවේ. ඉතින් මේ සදෙවු ලොව අධිපති දෙවි වරුන් පිරිත්...

සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම....

කුල වාද, ජාති වාද, ආගම් වාද, වර්ග වාද,  ජීවත් වන කෙටි කාලය තුල අප විසින් අප වටාම ඇති කරගත්තා වූ බැමි පහුරු, සීමාවන් නම් කොතෙක්ද? බොහොමයක් මේ සීමාවන් බිඳ හෙලිය නොහැකි තරමින් ශක්තිමත්ය. යම් හෙයකින් එය බිඳිය හැකි නම්, ඒ ප්‍රේමය නම් වූ අතිශය ප්‍රභල ශක්තිමත් මානව හැඟුම තුලම පමණි. නමුත් ප්‍රේමය කොතෙක් ප්‍රභල වුවත් මේ බැමි තරණය කල නොහැකි අවස්ථා, එසේම තරණය කල නොයුතු අවස්ථාද නැතුවා නොවෙයි. ඉතින් මේ පෙර වදන සපයා ගත් ගීයද එවන් වූ අවස්ථාවකි. නිලාර් එන් කාසිම් මහතා විසින් රචනා කරන ලදුව  සමන්ත පෙරේරා මහතාගේ සංගීත මුසුවෙන්  මාලනී බුලත්සිංහල මහත්මිය සහ අසංක ප්‍රියමන්ත පීරිස් මහතාගේ යුග ගායනයෙන් රසවත් වන අපූර්වතම ගීතයකි. ගීතයේ හැඳින්වීමට පෙර අතුව යම් උපකල්පනයන් මතින් මා කථාව ගොඩ නඟමි.  ඇය දමිල තරුණියකි. තරුණයා සිංහල තරුණයෙකි. ඔවුන් එක්තරා සමයක ජීවන ගමන අතර තුර එකිනෙකා හමුවෙයි. ඒ හමුවීම නිරතුරුවම ප්‍රිය උපදවන්නක් වෙයි. ඔවුන්ගේ මිත්‍රත්වය දැඩි බැඳීමකට පෙරලෙන්නේ කාලයත් සමඟය. එසේ ජනිත වූ ප්‍රේමයේ නාමයෙන් ඔවුන් එකිනෙකාට අසීමිතව ආදරය කරයි. නමුත් මේ සඳහා සිය නිවෙස් වලින් කිසිවිටෙකවත්...

සිහින සතක් දුටුවෙමි මම.

සිහින සතක් දුටුවෙමි මම. සිහින, සිහින යන්න තුලට පුත්ගලයෙකු අත්විඳින හැඟීම්, අභිප්‍රායන්, සිතුවිල්ලේ ස්පර්ශයන්, යටි සිතෙහි ඇති වන මනෝ භාවයන් ආදිය ගොනු කල හැක. නමුත් එයට නිවැරදිම නිර්වචනයක් සැපයීම අසීරුය. කෙසේ වෙතත් ටික කලක නිහැඬියාවකින් පසු මා අරුත වෙත එක් කරන්නට සැරසෙන, මේ  පූර්විකාව සපයා ගන්නා ගීතයද අපූර්වතම රසවින්දනයක් ඇති (මා රස වින්දනයට ගෝචර කරගත් අයුරින්) , ප්‍රේමකීර්තිද අල්විස් මහතා විසින් රචනා කොට වික්ටර් රතනායකයන්ගේ සංගීතය හා ගායනය මුසු වුනා වූ තවත් සුන්දරතම ගීතයකි. සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින් එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ.. මෙහි එක් සිහිනයක් නොව සිහින සතක් ගැන කියවෙයි. ඒ තුල ඉදිරිපත් වන්නේ මේ තරුණයාගේ සිතුවිල්ල තුල නැඟි බලාපොරොත්තුවක ප්‍රභල බව යන්න මාගේ අදහසයි. එය ඔහුගේ අනාගතය, ජීවිතය, ප්‍රේමය හා සමගාමී එකක් යැයි සිතීමටද කරුනු ඕනෑ තරම්ය. ඉතින් මේ එක් සිහිනක් තුල ඔහුගේ බලාපොරොත්තුවේ දිශාව පෙන්වීමට රචකයා උත්සහ කරන සෙයකි. එහි විශේශත්වය වන්නේ ඒ තුල ඔහු ඇයව සිඟන්නියක ලෙසින් දැකීමයි. "සිඟන්නිය" මේ තුලට මා උපකල්පනයක් ගෙනෙමි. සිඟන්නියක් වන්නට නම...

සිහින සතක් දුටුවෙමි මම.

සිහින සතක් දුටුවෙමි මම. සිහින, සිහින යන්න තුලට පුත්ගලයෙකු අත්විඳින හැඟීම්, අභිප්‍රායන්, සිතුවිල්ලේ ස්පර්ශයන්, යටි සිතෙහි ඇති වන මනෝ භාවයන් ආදිය ගොනු කල හැක. නමුත් එයට නිවැරදිම නිර්වචනයක් සැපයීම අසීරුය. කෙසේ වෙතත් ටික කලක නිහැඬියාවකින් පසු මා අරුත වෙත එක් කරන්නට සැරසෙන, මේ  පූර්විකාව සපයා ගන්නා ගීතයද අපූර්වතම රසවින්දනයක් ඇති (මා රස වින්දනයට ගෝචර කරගත් අයුරින්) , ප්‍රේමකීර්තිද අල්විස් මහතා විසින් රචනා කොට වික්ටර් රතනායකයන්ගේ සංගීතය හා ගායනය මුසු වුනා වූ තවත් සුන්දරතම ගීතයකි. සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින් එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ.. මෙහි එක් සිහිනයක් නොව සිහින සතක් ගැන කියවෙයි. ඒ තුල ඉදිරිපත් වන්නේ මේ තරුණයාගේ සිතුවිල්ල තුල නැඟි බලාපොරොත්තුවක ප්‍රභල බව යන්න මාගේ අදහසයි. එය ඔහුගේ අනාගතය, ජීවිතය, ප්‍රේමය හා සමගාමී එකක් යැයි සිතීමටද කරුනු ඕනෑ තරම්ය. ඉතින් මේ එක් සිහිනක් තුල ඔහුගේ බලාපොරොත්තුවේ දිශාව පෙන්වීමට රචකයා උත්සහ කරන සෙයකි. එහි විශේශත්වය වන්නේ ඒ තුල ඔහු ඇයව සිඟන්නියක ලෙසින් දැකීමයි. "සිඟන්නිය" මේ තුලට මා උපකල්පනයක් ගෙනෙමි. සිඟන්නියක් වන්නට නම...

ආගන්තුක මිතුරිය.

කප්පරකට උසින් පැතුමන් සිත             ඇඳුනූ රිද්මය පතා සිටියද හැඟුමෙන්               මියුරූ සිත් මල තලා දමමින් සුරතට               පැවරූ ක්තිජය කෙලෙස එක් වේවිද මන        පැහැරූ සැඟවූ ලයේ ගැඹුරේ රිදුමක                  ලකුණූ දිසුනේ නොමැත දකිනා විට නුඹ             ලන්දූ දැනුනේ සොම්නසකි නිරතුරු වත           රැන්දූ ලඳුනේ කෙලෙස නුඹ හිනැහුනි දුක          හැංගූ

වෙන්වීම, අනිත්‍ය,

බෝ ගසට පෙම් කර අතු අගින් ගිලිහුන මහළු බෝ පතකට නොමැත වරමක් මළුවෙ මියැදෙන්නට

පරසිඳු කරලිඇද්ද

පරසිඳු කරලිඇද්ද, දුව කිරුලස පැලැන්ද, කුසුබාසන දේවිය දෝන කතිරිනා. ඒ ඉතා මෑත දිනකදී නැවත මා හට අසන්නට ලැබුනු ගීතයකි. ඇතැම් අවස්ථාවන්හිදී නිර්මාණකරනය සඳහා ඉතිහාස කථා වස්තූන් වස්තු බීජ සපයන්නේ ඉතාමත් අපූර්ව ලෙසිනි. අනාගතය සඳහා වර්ථමානය තුල ශක්තිමත් පදනම සපයන්නේද පෙර කී ඉතිහාසය බැවින් එවන් නිර්මාන වල ඇති වටිනාකම අති මහත් බව මගේ අදහසයි. අද මේ පූර්විකාව සපයන ගීතයද එවන් ඉතිහාස කථාවක් කැටි කරමින් රත්න ශ්‍රී ශූරීන් කලකට ඉහතදී රචනා කරනු ලදුව සිහ ශක්ති සංගීත වෘන්දය ජාතික රූපවාහනිය වෙනුවෙන් ගැයුවා වූ තවත් එක් අපූර්වතම ගීතයකි. ගීතයේ හරය ගැන විමසීමට නම් ඉන් ප්‍රථම ලාංකීය ඉතිහාසයේ බල අරගලය වෙනුවෙන් රාජ්‍ය පාවාදීම්, රාජ්‍ය කුමන්ත්‍රන වලින් පරිපූර්ණ වූ පෘතුගීසි ආක්‍රමණ සමය පිලිබඳ ඉතා කෙටි හෝ විවරනයක් නැවත ලබා ගැනීම වඩා උචිතය. 1505 සිට 1658 දක්වා යැයි ගැනෙන පරංගි සමය ශ්‍රීලාංකීය ඉතිහාසයේ ජන සමාජයේ හා සංස්කෘතියේ විපරීතයක් ඇති කල කාල පරිච්චේදයක් යැයි කිවහොත් එය වැරදි නැත. ඔවුන් ලංකාවට පැමිණි ප්‍රධාන අරමුණු අතර කිතු ධහම ප්‍රචාරය කිරීමද මුල් තැනක් ගන්නා ලදි. කෙසේ වෙතත් 1521 දී කෝට්ටේ රාජධානියේ...