Skip to main content

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ


මෙම ගීය බන්දුල නානායක්කාරවසම් මහතා අතින් සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් රචනා වන තවත් සුවිශේෂී ගීතයකි. එහි මියුරු සර රෝහණ වීරසිංහයන් අතිනි. එක්තරා පෙම්වතෙකු විසින් තම යුවතියක වෙත කරන්නා වූ සදාදරණීය ප්‍රේම යෝජනාවක් මෙන්මෙ බලාපොරොත්තුවක සේයාවන් පිලිබඳ මෙහි අරුත තුල දෝලනය වන බව මගේ අදහසයි.

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ //
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ

ගීතයේ පලමු කොටස තුලම ඇයව විශ්වාසණීය බලාපොරොත්තුවක් වෙත ගෙනයන්නට පෙම්වතා උත්සුක වන සෙයකි. නිම් හිම් නොපෙනෙන, නොයෙක් විශ වලින් ගහන මිනිසුන් පිරි සමාජය තුල ඔහුගේ රැකවරණය අභියස ඇයට දොම්නසක් නොවන වත පිරුනු සිනහව රැඳෙනු දැකීම ඔහුගේ බලාපොරොත්තුවයි, නැතහොත් ඇගේ සිනාව ඔහුගේ නවාතැනයි. සත්‍ය ලෙසම ඔහුගේ පරම අභිලාශය ඇගේ සතුටයි. ඉතින් එවන් ප්‍රේමයක අරුණු උදා නොවේ යැයි කිව හැකිද.
"ගීතයේ දෙවන පද පෙලෙහි සපුන් යන්න වෙනුවට සතුන් යන්න යෙදුවද තනුව හා සමපාත වන නමුත් එය සපුන් ලෙස ගැනීම තරමක් දුරට අරුතේ හැසිරීම වඩා තීව්ර කිරීමක් බව මගේ අදහසයි. සපුන් ලෙස ගන්නා මේ යෙදුම සර්පයන් ලෙසට නිර්වචන දිය හැක. සත්ව ලොකයේ ඇතැම් සර්පයන් යනු ශරීර ප්‍රමාණයට සාපේක්ශව මාරාන්තික විශ සඟවාගත් ජීවින් කොටසකි. එවන් වූ මතුපිටින් නොපෙනෙන වීශ ඝෝර මිනිසුන් පිරි සමාජයක ඇය වෙත පාන සෙනෙහසේ ස්වරූපය මේ තුල කදිම ලෙසින් නිරූපනය වෙයි.

රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ //
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ

ගඟක රැල් නැඟෙනුයේ පටු වූත් බාධක පර අතරින් ගලන්නා වූ කොටසකය. නමුත් ඒ වූ බාධක වලට ගඟේ ගමන නවතා ලිය නොහැකිය. ගඟ නියත ලෙසම සයුර සිප සැඟව යනු ඇත. මේ තුල ඔහුගේ ප්‍රේමයේ එකායන අධිශ්ඨානය නිරූපනය කරන්නාක් වැනිය. (ඇතැම් විට ඇය වෙත කරන්නා වූ පෙම් යෝජනාව තරමක ප්‍රභල වැඩි දෝ යැයි ගීතයේ මේ කොටස ඇසූ වරෙක මට සිතුණි)
සිල් බිඳී මුවන් කැලඹූ වනේ
බිම නොලා නෙලූ ඵල මාවතේ //
සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
තැවුල් සැඟව යාවී මාරුතයේ
වනය තුල මුවන්ගේ සිල් බිඳෙනුයේ අනතුරක සේයාවකදීය. එතුල සියල් සත්වයන්ද කැලඹෙන්නේ නිරායාසයෙනි. නමුත් මේ කටුක ගමන් මග තුල ඇය වෙනුවෙන් නෙළු නොඉඳුල් ප්‍රේමයේ ඵලයන් බිම දමා යන්නට මේ පෙම්වතා සූදානම් නැත. සදාකාලිකව ඇගේ ජීවන ගමනේ විඩාව බෙදා ගැනීම ඔහුගේ ප්‍රේමණීය බලාපෙරොත්තුවයි. එවන් පෙමක තැවුල් නම් කෙසේ විය හැකිද?

Popular posts from this blog

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.

මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා.

ප්‍රේම ගීත විරහ ගීත ආදී වශයෙන් කොතෙකුත් නම් ගීත මේ වන විට අප අසා ඇතිද? රසවිඳ ඇතිද? කෙසේ වෙතත් මිනිසෙකුගේ සංවේදී චිත්ත ස්භාවයක් සෘජුවම ස්පර්ශ කල හැකි සාර්ථකම මාධ්‍ය ලෙස මා දකින්නේ ගීතය නම් වූ සියුම් මියුරු පහසයි. තවද ගීතයක රස වින්දනය උපරීම කිරීම සඳහා ගායකයාගේ දායකත්වය හා සංගීතයේ රසමුසුව පමනක් ප්‍රමානවත් වනවා යැයි මා සිතන්නේ නැත. ඇතැම් විට ගීතයේ පද වැලට උරුමකම් කියන කථා මූලය දන්නේ නම් එය තවත් රසය උපරිම කරනු ඇත. එලෙසින්ම පද වැල තුල යෙදෙන උපමා, උපමේය, ව්‍යංගය තුල ගීතයේ රසය ඔප් නැන්වීමට දක්වන්නේ නොමද සහයකි. එක්තරා ගමක පාසල් වියේ පසුවන නව යොවුන් වියේ සිසුවෙක් හා සුසුවියක් වෙයි. ඔවුන් අතර පාසල තුලදීම යම් පෙම් සබඳතාවක් ගොඩ නැඟෙයි. පෙම්වතා ගැන කියන්නේ නම් ඔහු ප්‍රසන්න පෙනුමැති නමුත් යම් යම් අග හිඟ කම් වලින් පෙලෙන පවුලක අයෙකි. පෙම්වතිය සාමාන්‍ය පවුලක ඉගෙනීමෙහි දක්ශ රූමත් තරුණියකි. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ප්‍රේම වෟතාන්තයේ පෙම්වතිය සරසවි වරම් ලබා ගනී. තරුණ පෙම්වතා ඔහුගේ අග හිඟ කම් මැද පාසල් දිවිය හමාර කරයි. ඔහු රැකියාවක් සොයා යයි. ඔහුට ලැබෙන්නේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සමාගමක කම්කරු වෘර්...

මාරම්බරී

විසල් විශ්වයේ සියළු සත්වයෝ හඳුනාගත් එකම භාශාවක් වේද, එනම් සංගීතයම වේ. එවන් සංගීතයේ පෙරදිග හුරුව ස්පර්ශ කල උත්තර භාරතීය හා කර්ණාටක සංගීතයේ ආභාශ තුලද සුපෝශනය වූ හෙල සුභාවිත ගීය තරම් අප සිත් නිවා පහන් කල හැකි වෙන යම් හෝ මහෝෂධයක් තවත් නම් විය හැකිද? මාරම්බරී..... විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගයන ඔහුගේ අතිශය සුවිශේශීතම ගීය මාරම්බරියම වේ. එය එතුමන් පැවැත්වූ ගී ප්‍රසංගයද මාරම්බරී වීම තුල ප්‍රත්‍යක්ශ වේ. කුමාරදාස සපුතන්ත්‍රි මහතා විසින් රචනා වන මෙම අතිශය ශෘංගාරාත්මක ගීය සඳහා සංගීත තත් සුසර වන්නේ රෝහණ වීරසිංහයන්ගේ අතිනි. එහිදී එතුමන් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන රාත්‍රී දෙවන ප්‍රහාරය තුල ගැයෙන අධික ශෘංගාරයක් කැටි වූ තිලක් කාමෝද් රාගය පසුබිම් කර ගැනීමද තවත් සුවිශේශී කරුණකි. එලෙසම මෙම ගීය නිර්මාණ වන්නේද උත්තර භාරතීය ගසල් ගීයේ ආභාෂය ලබමිනි. මේ සියල් කරුණු කැටිව උපදින මාරම්බරිය ශෘංගාර රසය තීව්ර කරන්නේ කිසිඳු ආයාසයකින් තොරවමය. රම්බා දේවිය, දිව්‍යාංගනාවන් අතර වඩාත්ම රුවැති දිව්‍ය අංගනාව වෙයි. ඉතින් යම් පුරුෂයෙකු ලඳක වෙත මාරම්බරී (මා+ රන්බරී) මගේ රන්බරිය කියයි නම්, එතරම් රසවත් ආලවන්ත යෙදුමක් තවත් නම...