Skip to main content

ත‍ටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා

ත‍ටු ඇවිල්ලා
ඔබ ඔහේ යනවා



ඉතින් මෙය සමන්ත පෙරේරා මහතාගේ ප්‍රේමණිය සංගීත තත් අතර ප්‍රභාමත් වූ උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ ආකර්ශණීයතම පද වැලකි.  අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬ තුල ඊට සපයා දෙන ජීවය අතිශය හැඟුම්බර වේ. කෙසේ වෙතත් එක්තරා අභිනව විවාහකයෙකුගේ (යෝජිත විවාහයක) සංවේදී කථා හරයක් ඔස්සේ ගලා යන පද වැල තුල ගොනු වන්නේ තම විවාහක බිරිඳගේ හිතුවක්කාර හැසිරීමක් පිලිබඳවයැයි මා අදහස් කරමි. බොහෝ විට විවාහප්‍රාප්ත ඇය තම අතීත ප්‍රේමයක සුන් බුන් අතර හිඳිනවා වන්නට ඇත. 

ත‍ටු ඇවිල්ලා
ඔබ ඔහේ යනවා
කොහොම කීවත්
නවත්වන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු
පය ගසාගෙන
මේ සොඳුරු පොළොවේ

විවාහය තුල යුවලක් එක් අයෙකු බවට පත් විය යුතුය. එකිනෙකාගේ හැඟීම් තේරුම්ගෙන කටයුතු කල යුතු වේ. එමෙන්ම යම් සීමාවන් තුල රැඳී කටයුතු කිරීම, ප්‍රේමයේ බැඳීමක අනිවාර්ය නියතයක් වේ. ඔහු ප්‍රේම කරන තම ප්‍රිය බිරිඳ ඒ කියන්නා වූ නියතයන් අභිබවා ඔහේ පියා සලා යයි නම් ඔවුන් අතර ඝට්ටනයක් ඇති වීම ස්භාවිකය. කෙසේ නමුත් මේ විවාහක ප්‍රේමවන්තයා ඇයට යථාර්ථතය නැමති මහපොලව මත ඔහුගේ ප්‍රේමයේ ආලින්දයේ නවාතැන් ගන්නට යැයි ඇයට කරන ඇරයුමක සේයාවකි. (ආලින්දය යනු නිවසක ඇති සුන්දරම ස්ථානයයි, ගීය තුලද ප්‍රේම ආලින්දය නම් යෙදුම ඔහුගේ ප්‍රේමයේ සොඳුරු බව මනාවට මතු කරන වග මගේ අදහස වේ)

කෙසේ නම් මම නවත්වන්නද

මල් රේණු රේණු සැලෙනා
හිවුඩු පිපෙනා පැතුම් පුරනා
අහස යට ඔබ පාවී යන්නා
තෙත සිඳුණු බොල්
හීන සුළඟ දිගේ

පෙම්වතා දැඩිව අසරණ ව ඇත. ඇය මේ පියාසලන තෙත සිඳී ගිය ඔහු වෙත අකාරුනික වූ බොල් සිහින සුලඟ කෙතරම් පීඩාකාරී වන්නට ඇත්ද? හියුඩු පිපෙන්නට තරමින් හිත කීරි ගැස්වෙන, සෙනෙහසේ මල් රේණු සැලෙන්නට තරම් රුදු වූ ඇගේ මේ පැතුම් අහස යට කෙසේ නම් ඔහු නිර්ව්‍යාජ ප්‍රේමයක් තමන් සතු කරගන්නද. ඇත්තෙන්ම එය ඔහුට අමිහිරි කටුක සංවේදී අත්දැකීමක් වන්නට ඇත.

නෙළූ පලවැල මග දමන්නද

දෙපා උඩුකුරු
හිසින් බිම හිඳිනා

කුරුළු බිලිඳු
හෙලන කඳුළු

මහමෙරක් යට
තනිව මා උන්නා
විවාහය නම් ඔවුන් ආ මඟ සම්මතය තුල නැවත හැරවිය නොහැක.  එසේම විවාහ වූ ඔවුන්ගේ කැදැල්ලට දරු පැටියෙකුගේ ආලෝකය ලැබෙන්නටද ඉතා ආසන්නය. 
නමුත් ඇය වෙතින් උත්පන්න වන ව්‍යාකූල තත්වය නිසා වූ සංවේගය පද පෙල තුල නූපන් දරුවාගේ කඳුළු හරහා තවත් තීව්ර කර මතු කරයි. (දෙපා උඩු කුරු හිසින් බිම හිඳිනා = පුංචි දරු පැටියෙකුගේ හිස යටට පිහිටන කලල රූපී අවස්ථාව මින් මතු කරයි) 

එසේ නම් යලි වරෙක මුනගැසෙමු. ස්තූතියි...!!

Popular posts from this blog

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.

මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා.

ප්‍රේම ගීත විරහ ගීත ආදී වශයෙන් කොතෙකුත් නම් ගීත මේ වන විට අප අසා ඇතිද? රසවිඳ ඇතිද? කෙසේ වෙතත් මිනිසෙකුගේ සංවේදී චිත්ත ස්භාවයක් සෘජුවම ස්පර්ශ කල හැකි සාර්ථකම මාධ්‍ය ලෙස මා දකින්නේ ගීතය නම් වූ සියුම් මියුරු පහසයි. තවද ගීතයක රස වින්දනය උපරීම කිරීම සඳහා ගායකයාගේ දායකත්වය හා සංගීතයේ රසමුසුව පමනක් ප්‍රමානවත් වනවා යැයි මා සිතන්නේ නැත. ඇතැම් විට ගීතයේ පද වැලට උරුමකම් කියන කථා මූලය දන්නේ නම් එය තවත් රසය උපරිම කරනු ඇත. එලෙසින්ම පද වැල තුල යෙදෙන උපමා, උපමේය, ව්‍යංගය තුල ගීතයේ රසය ඔප් නැන්වීමට දක්වන්නේ නොමද සහයකි. එක්තරා ගමක පාසල් වියේ පසුවන නව යොවුන් වියේ සිසුවෙක් හා සුසුවියක් වෙයි. ඔවුන් අතර පාසල තුලදීම යම් පෙම් සබඳතාවක් ගොඩ නැඟෙයි. පෙම්වතා ගැන කියන්නේ නම් ඔහු ප්‍රසන්න පෙනුමැති නමුත් යම් යම් අග හිඟ කම් වලින් පෙලෙන පවුලක අයෙකි. පෙම්වතිය සාමාන්‍ය පවුලක ඉගෙනීමෙහි දක්ශ රූමත් තරුණියකි. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ප්‍රේම වෟතාන්තයේ පෙම්වතිය සරසවි වරම් ලබා ගනී. තරුණ පෙම්වතා ඔහුගේ අග හිඟ කම් මැද පාසල් දිවිය හමාර කරයි. ඔහු රැකියාවක් සොයා යයි. ඔහුට ලැබෙන්නේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සමාගමක කම්කරු වෘර්...

මාරම්බරී

විසල් විශ්වයේ සියළු සත්වයෝ හඳුනාගත් එකම භාශාවක් වේද, එනම් සංගීතයම වේ. එවන් සංගීතයේ පෙරදිග හුරුව ස්පර්ශ කල උත්තර භාරතීය හා කර්ණාටක සංගීතයේ ආභාශ තුලද සුපෝශනය වූ හෙල සුභාවිත ගීය තරම් අප සිත් නිවා පහන් කල හැකි වෙන යම් හෝ මහෝෂධයක් තවත් නම් විය හැකිද? මාරම්බරී..... විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගයන ඔහුගේ අතිශය සුවිශේශීතම ගීය මාරම්බරියම වේ. එය එතුමන් පැවැත්වූ ගී ප්‍රසංගයද මාරම්බරී වීම තුල ප්‍රත්‍යක්ශ වේ. කුමාරදාස සපුතන්ත්‍රි මහතා විසින් රචනා වන මෙම අතිශය ශෘංගාරාත්මක ගීය සඳහා සංගීත තත් සුසර වන්නේ රෝහණ වීරසිංහයන්ගේ අතිනි. එහිදී එතුමන් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන රාත්‍රී දෙවන ප්‍රහාරය තුල ගැයෙන අධික ශෘංගාරයක් කැටි වූ තිලක් කාමෝද් රාගය පසුබිම් කර ගැනීමද තවත් සුවිශේශී කරුණකි. එලෙසම මෙම ගීය නිර්මාණ වන්නේද උත්තර භාරතීය ගසල් ගීයේ ආභාෂය ලබමිනි. මේ සියල් කරුණු කැටිව උපදින මාරම්බරිය ශෘංගාර රසය තීව්ර කරන්නේ කිසිඳු ආයාසයකින් තොරවමය. රම්බා දේවිය, දිව්‍යාංගනාවන් අතර වඩාත්ම රුවැති දිව්‍ය අංගනාව වෙයි. ඉතින් යම් පුරුෂයෙකු ලඳක වෙත මාරම්බරී (මා+ රන්බරී) මගේ රන්බරිය කියයි නම්, එතරම් රසවත් ආලවන්ත යෙදුමක් තවත් නම...