Skip to main content

තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා


තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා

මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා


කාන්තාවගේ පියයුරු රණ තිසරුන්ට සම කිරීම නිතැතින්ම සාහිත්‍ය තුල සුලභය. එතරම් අපූරු ව්‍යංගයක් ඒ සඳහා නොවනු ඇත. 
සුරත් නෙළුම් කැකුල (අතිශය රත් පැහැති නෙළුම් කැකුල.) වන්ව හදවතට විකසිත වන්නට ඉඩ දෙන්නටයි මේ ආරාධනය. (රත් පැහැය වන් ශෘංගාර රසයට සමීප වර්ණයක් නොවෙයි.)
දුනු දියෙන් මිදී (දුනු දිය යනු දුන්න බැඳි ලනුවය) මදරද ( මද+රද යන්න තරමක් පැහැදිලි කිරීමට අපහසුය. නමුත් ඒ තුල තනිකඩයකුගේ විරහ ගින්න වන් වූ අරුත් වෙයි) ඉතින් මේ තුල ජනිත කරන්නේ දුන්නෙන් මිදුනු හීයක් වන් වූ රාගයේ ගිනිදැල් වන් අරුතක් බව මා අදහස් කරමි. 
ලලිත ලවන (අති දැකුම්කළු මුහුන) සිබ සරන්න කරන්නා වූ සරගී ආමන්ත්‍රනයකි. (රාධා යන යෙදුම තුල ඇය දමිල තරුණියන් වන්නට ඇතැයි සිතමි)

කොලොම් වන හිසේ මුවරද
මමන මද පොදින් සීතල
වපුල කලාපේ මංගල 
යහන් සලුව සෝදා
සුසුම් නලින් වියැලෙන්නට 
ඉඩහරින්න රාධා


කොලොම් යනු බක් මී මලට සමාන පුෂ්ප දරන්නා වූ සුවිසල් වනස්පතියකි. කොලොම් මලින් මමන (වෑහෙන) මුවරද (මල් පැණි) වලින් වපුල (විසිරී පැතිරුන) කලාපය තුල මංගල යහන් සළුව සෝදා. මේ තුල එක් සොඳුරු පරිසරයක අපූර්වත්වය මනස තුල මවන අතරේම ඊලඟ කොටසින් සුසුම් වලින් යහන් සළුව වියලෙන්නට රාධාට කරන්නා වූ ඇරයුමකි. ඒ තුල මතුව එන්නේ යම් කිසි වේදනාවක ස්වරූපයක් දැයි මා සිත නඟන පැණයකි.

නියඟලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවන පිරුනු උණුසුම
නිවාලන්න රාධා
ලහෝපලු සිහිල හෙල්මැලි 
සඳුන් කල්ක තවරා


කළිඳු ගං තෙර හා රාධා. මෙය හිංදු සංස්කෘතිය තුල එක් වූ රාධා ක්‍රිශ්නා පුරාවෘතයේ එක්තරා කොටසකි. මේ තුලින් නැඟී එන්නේද කළිඳු ගංඟා අසබඩින් හමා ආ රාධා ක්‍රිශ්නා පෙම්වතුනගේ උනුසුමදෝ මා සිතෙහි පැණයකි. 
ල හෝ්පළු ( අශෝක වෟක්ශයයි) හෙල්මැලි (සුදු නෙළුමයි) "සඳුන් කල්ක තවරා". මේ සියල්ල එක්තරා ආකරයට ශෘංගාරාත්මක ප්‍රසාධණීය හැඟුමක් සිත වෙත කාන්දු කරන්නා වූ යෙදුම්ය. 

ගීතය වෙත.
https://www.youtube.com/watch?v=YYekSYtaGZo

මෙය මා ගීතය වැලඳගත් අයුරින් පමණි. ස්තූතියි...!!

Popular posts from this blog

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.

මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා.

ප්‍රේම ගීත විරහ ගීත ආදී වශයෙන් කොතෙකුත් නම් ගීත මේ වන විට අප අසා ඇතිද? රසවිඳ ඇතිද? කෙසේ වෙතත් මිනිසෙකුගේ සංවේදී චිත්ත ස්භාවයක් සෘජුවම ස්පර්ශ කල හැකි සාර්ථකම මාධ්‍ය ලෙස මා දකින්නේ ගීතය නම් වූ සියුම් මියුරු පහසයි. තවද ගීතයක රස වින්දනය උපරීම කිරීම සඳහා ගායකයාගේ දායකත්වය හා සංගීතයේ රසමුසුව පමනක් ප්‍රමානවත් වනවා යැයි මා සිතන්නේ නැත. ඇතැම් විට ගීතයේ පද වැලට උරුමකම් කියන කථා මූලය දන්නේ නම් එය තවත් රසය උපරිම කරනු ඇත. එලෙසින්ම පද වැල තුල යෙදෙන උපමා, උපමේය, ව්‍යංගය තුල ගීතයේ රසය ඔප් නැන්වීමට දක්වන්නේ නොමද සහයකි. එක්තරා ගමක පාසල් වියේ පසුවන නව යොවුන් වියේ සිසුවෙක් හා සුසුවියක් වෙයි. ඔවුන් අතර පාසල තුලදීම යම් පෙම් සබඳතාවක් ගොඩ නැඟෙයි. පෙම්වතා ගැන කියන්නේ නම් ඔහු ප්‍රසන්න පෙනුමැති නමුත් යම් යම් අග හිඟ කම් වලින් පෙලෙන පවුලක අයෙකි. පෙම්වතිය සාමාන්‍ය පවුලක ඉගෙනීමෙහි දක්ශ රූමත් තරුණියකි. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ප්‍රේම වෟතාන්තයේ පෙම්වතිය සරසවි වරම් ලබා ගනී. තරුණ පෙම්වතා ඔහුගේ අග හිඟ කම් මැද පාසල් දිවිය හමාර කරයි. ඔහු රැකියාවක් සොයා යයි. ඔහුට ලැබෙන්නේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සමාගමක කම්කරු වෘර්...

මාරම්බරී

විසල් විශ්වයේ සියළු සත්වයෝ හඳුනාගත් එකම භාශාවක් වේද, එනම් සංගීතයම වේ. එවන් සංගීතයේ පෙරදිග හුරුව ස්පර්ශ කල උත්තර භාරතීය හා කර්ණාටක සංගීතයේ ආභාශ තුලද සුපෝශනය වූ හෙල සුභාවිත ගීය තරම් අප සිත් නිවා පහන් කල හැකි වෙන යම් හෝ මහෝෂධයක් තවත් නම් විය හැකිද? මාරම්බරී..... විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගයන ඔහුගේ අතිශය සුවිශේශීතම ගීය මාරම්බරියම වේ. එය එතුමන් පැවැත්වූ ගී ප්‍රසංගයද මාරම්බරී වීම තුල ප්‍රත්‍යක්ශ වේ. කුමාරදාස සපුතන්ත්‍රි මහතා විසින් රචනා වන මෙම අතිශය ශෘංගාරාත්මක ගීය සඳහා සංගීත තත් සුසර වන්නේ රෝහණ වීරසිංහයන්ගේ අතිනි. එහිදී එතුමන් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන රාත්‍රී දෙවන ප්‍රහාරය තුල ගැයෙන අධික ශෘංගාරයක් කැටි වූ තිලක් කාමෝද් රාගය පසුබිම් කර ගැනීමද තවත් සුවිශේශී කරුණකි. එලෙසම මෙම ගීය නිර්මාණ වන්නේද උත්තර භාරතීය ගසල් ගීයේ ආභාෂය ලබමිනි. මේ සියල් කරුණු කැටිව උපදින මාරම්බරිය ශෘංගාර රසය තීව්ර කරන්නේ කිසිඳු ආයාසයකින් තොරවමය. රම්බා දේවිය, දිව්‍යාංගනාවන් අතර වඩාත්ම රුවැති දිව්‍ය අංගනාව වෙයි. ඉතින් යම් පුරුෂයෙකු ලඳක වෙත මාරම්බරී (මා+ රන්බරී) මගේ රන්බරිය කියයි නම්, එතරම් රසවත් ආලවන්ත යෙදුමක් තවත් නම...