Skip to main content

Posts

Showing posts from 2016

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ

මෙම ගීය බන්දුල නානායක්කාරවසම් මහතා අතින් සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් රචනා වන තවත් සුවිශේෂී ගීතයකි. එහි මියුරු සර රෝහණ වීරසිංහයන් අතිනි. එක්තරා පෙම්වතෙකු විසින් තම යුවතියක වෙත කරන්නා වූ සදාදරණීය ප්‍රේම යෝජනාවක් මෙන්මෙ බලාපොරොත්තුවක සේයාවන් පිලිබඳ මෙහි අරුත තුල දෝලනය වන බව මගේ අදහසයි. නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ // ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ ගීතයේ පලමු කොටස තුලම ඇයව විශ්වාසණීය බලාපොරොත්තුවක් වෙත ගෙනයන්නට පෙම්වතා උත්සුක වන සෙයකි. නිම් හිම් නොපෙනෙන, නොයෙක් විශ වලින් ගහන මිනිසුන් පිරි සමාජය තුල ඔහුගේ රැකවරණය අභියස ඇයට දොම්නසක් නොවන වත පිරුනු සිනහව රැඳෙනු දැකීම ඔහුගේ බලාපොරොත්තුවයි, නැතහොත් ඇගේ සිනාව ඔහුගේ නවාතැනයි. සත්‍ය ලෙසම ඔහුගේ පරම අභිලාශය ඇගේ සතුටයි. ඉතින් එවන් ප්‍රේමයක අරුණු උදා නොවේ යැයි කිව හැකිද. "ගීතයේ දෙවන පද පෙලෙහි සපුන් යන්න වෙනුවට සතුන් යන්න යෙදුවද තනුව හා සමපාත වන නමුත් එය සපුන් ලෙස ගැනීම තරමක් දුරට අරුතේ හැසිරීම වඩා තීව්ර කිරීමක් බව මගේ අදහසයි. සපුන් ලෙස ගන්නා මේ යෙදුම සර්පයන් ලෙසට නිර්වචන දිය හැක. සත්ව ලොකයේ ඇතැම් සර්පයන...

මාරම්බරී

විසල් විශ්වයේ සියළු සත්වයෝ හඳුනාගත් එකම භාශාවක් වේද, එනම් සංගීතයම වේ. එවන් සංගීතයේ පෙරදිග හුරුව ස්පර්ශ කල උත්තර භාරතීය හා කර්ණාටක සංගීතයේ ආභාශ තුලද සුපෝශනය වූ හෙල සුභාවිත ගීය තරම් අප සිත් නිවා පහන් කල හැකි වෙන යම් හෝ මහෝෂධයක් තවත් නම් විය හැකිද? මාරම්බරී..... විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගයන ඔහුගේ අතිශය සුවිශේශීතම ගීය මාරම්බරියම වේ. එය එතුමන් පැවැත්වූ ගී ප්‍රසංගයද මාරම්බරී වීම තුල ප්‍රත්‍යක්ශ වේ. කුමාරදාස සපුතන්ත්‍රි මහතා විසින් රචනා වන මෙම අතිශය ශෘංගාරාත්මක ගීය සඳහා සංගීත තත් සුසර වන්නේ රෝහණ වීරසිංහයන්ගේ අතිනි. එහිදී එතුමන් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන රාත්‍රී දෙවන ප්‍රහාරය තුල ගැයෙන අධික ශෘංගාරයක් කැටි වූ තිලක් කාමෝද් රාගය පසුබිම් කර ගැනීමද තවත් සුවිශේශී කරුණකි. එලෙසම මෙම ගීය නිර්මාණ වන්නේද උත්තර භාරතීය ගසල් ගීයේ ආභාෂය ලබමිනි. මේ සියල් කරුණු කැටිව උපදින මාරම්බරිය ශෘංගාර රසය තීව්ර කරන්නේ කිසිඳු ආයාසයකින් තොරවමය. රම්බා දේවිය, දිව්‍යාංගනාවන් අතර වඩාත්ම රුවැති දිව්‍ය අංගනාව වෙයි. ඉතින් යම් පුරුෂයෙකු ලඳක වෙත මාරම්බරී (මා+ රන්බරී) මගේ රන්බරිය කියයි නම්, එතරම් රසවත් ආලවන්ත යෙදුමක් තවත් නම...

තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා

තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා කාන්තාවගේ පියයුරු රණ තිසරුන්ට සම කිරීම නිතැතින්ම සාහිත්‍ය තුල සුලභය. එතරම් අපූරු ව්‍යංගයක් ඒ සඳහා නොවනු ඇත.  සුරත් නෙළුම් කැකුල (අතිශය රත් පැහැති නෙළුම් කැකුල.) වන්ව හදවතට විකසිත වන්නට ඉඩ දෙන්නටයි මේ ආරාධනය. (රත් පැහැය වන් ශෘංගාර රසයට සමීප වර්ණයක් නොවෙයි.) දුනු දියෙන් මිදී (දුනු දිය යනු දුන්න බැඳි ලනුවය) මදරද ( මද+රද යන්න තරමක් පැහැදිලි කිරීමට අපහසුය. නමුත් ඒ තුල තනිකඩයකුගේ විරහ ගින්න වන් වූ අරුත් වෙයි) ඉතින් මේ තුල ජනිත කරන්නේ දුන්නෙන් මිදුනු හීයක් වන් වූ රාගයේ ගිනිදැල් වන් අරුතක් බව මා අදහස් කරමි.  ලලිත ලවන (අති දැකුම්කළු මුහුන) සිබ සරන්න කරන්නා වූ සරගී ආමන්ත්‍රනයකි. (රාධා යන යෙදුම තුල ඇය දමිල තරුණියන් වන්නට ඇතැයි සිතමි) කොලොම් වන හිසේ මුවරද මමන මද පොදින් සීතල වපුල කලාපේ මංගල  යහන් සලුව සෝදා සුසුම් නලින් වියැලෙන්නට  ඉඩහරින්න රාධා කොලොම් යනු බක් මී මලට සමාන පුෂ්ප දරන්නා වූ සුවිසල් වනස්පතියකි. කොලොම් මලින් මමන (වෑහෙන) මුවර...

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.

මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...

සතර වරම් දෙවු මහ රජ

සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින්...... අමරදේව ශූරීන් විසින් ගායනා කරන්නා වූ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත තවත් එක් ආකර්ශණීය ගීතයකි. එහි තනු නිර්මාණයද අමරදේව ශූරීන් අතින් වීම තවත් සුවිශේශී කාරණයකි. කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලාංකීය සමාජ පසුබිම සමඟ ගත් කල ගීත‍යේ අරුත මා තුල ඇති කරන්නේ නම් යම් ඝට්ටනයකි. ඒ කෙසේ වෙතත් මේ ගීතයේ හරය සෘජුවම ස්පර්ශ කරමින් පුබුදුවා ලන්නේ දේශානුරාගය හා මුසු වූ ආශිර්වාදාත්මක භාවයන් ය. එලෙසින්ම එය රජ රට ගොවි ගම්මානයක ගොවි පවුලක උපත ලබන්නා වූ බිලිඳෙකු වෙනුවෙන් යැයි උපකල්පනයක් මා තුල වෙයි. සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්... සතර වරම් දෙවියන්, සෞභාග්‍ය, සශ්‍රීකත්වය වෙනුවෙන් නිමැවුනු බල සම්පන්න සීවලී යන්ත්‍රයේ පවා සිවුකොන රැකවල් ලා සිටින ධ්‍රතරාෂ්ඨ, විරූඩ, විරූපාක්ෂ හා වෛශ්‍රවන නම් සදෙවු ලොව අධිපති දෙවිවරුන් සිවු දෙනා ඔබේ මතකයට එනු ඇතැයි සිතමි. එමෙන්ම සිංහල සංස්කෘතිය තුල පිරිත් පැන් කලස හා පුවක් මල් කිණිත්ත සමඟ ඇති ආශිර්වාදාත්මක සබැඳියාව නැවත කිව යුතු නොවේ. ඉතින් මේ සදෙවු ලොව අධිපති දෙවි වරුන් පිරිත්...

සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම....

කුල වාද, ජාති වාද, ආගම් වාද, වර්ග වාද,  ජීවත් වන කෙටි කාලය තුල අප විසින් අප වටාම ඇති කරගත්තා වූ බැමි පහුරු, සීමාවන් නම් කොතෙක්ද? බොහොමයක් මේ සීමාවන් බිඳ හෙලිය නොහැකි තරමින් ශක්තිමත්ය. යම් හෙයකින් එය බිඳිය හැකි නම්, ඒ ප්‍රේමය නම් වූ අතිශය ප්‍රභල ශක්තිමත් මානව හැඟුම තුලම පමණි. නමුත් ප්‍රේමය කොතෙක් ප්‍රභල වුවත් මේ බැමි තරණය කල නොහැකි අවස්ථා, එසේම තරණය කල නොයුතු අවස්ථාද නැතුවා නොවෙයි. ඉතින් මේ පෙර වදන සපයා ගත් ගීයද එවන් වූ අවස්ථාවකි. නිලාර් එන් කාසිම් මහතා විසින් රචනා කරන ලදුව  සමන්ත පෙරේරා මහතාගේ සංගීත මුසුවෙන්  මාලනී බුලත්සිංහල මහත්මිය සහ අසංක ප්‍රියමන්ත පීරිස් මහතාගේ යුග ගායනයෙන් රසවත් වන අපූර්වතම ගීතයකි. ගීතයේ හැඳින්වීමට පෙර අතුව යම් උපකල්පනයන් මතින් මා කථාව ගොඩ නඟමි.  ඇය දමිල තරුණියකි. තරුණයා සිංහල තරුණයෙකි. ඔවුන් එක්තරා සමයක ජීවන ගමන අතර තුර එකිනෙකා හමුවෙයි. ඒ හමුවීම නිරතුරුවම ප්‍රිය උපදවන්නක් වෙයි. ඔවුන්ගේ මිත්‍රත්වය දැඩි බැඳීමකට පෙරලෙන්නේ කාලයත් සමඟය. එසේ ජනිත වූ ප්‍රේමයේ නාමයෙන් ඔවුන් එකිනෙකාට අසීමිතව ආදරය කරයි. නමුත් මේ සඳහා සිය නිවෙස් වලින් කිසිවිටෙකවත්...

සිහින සතක් දුටුවෙමි මම.

සිහින සතක් දුටුවෙමි මම. සිහින, සිහින යන්න තුලට පුත්ගලයෙකු අත්විඳින හැඟීම්, අභිප්‍රායන්, සිතුවිල්ලේ ස්පර්ශයන්, යටි සිතෙහි ඇති වන මනෝ භාවයන් ආදිය ගොනු කල හැක. නමුත් එයට නිවැරදිම නිර්වචනයක් සැපයීම අසීරුය. කෙසේ වෙතත් ටික කලක නිහැඬියාවකින් පසු මා අරුත වෙත එක් කරන්නට සැරසෙන, මේ  පූර්විකාව සපයා ගන්නා ගීතයද අපූර්වතම රසවින්දනයක් ඇති (මා රස වින්දනයට ගෝචර කරගත් අයුරින්) , ප්‍රේමකීර්තිද අල්විස් මහතා විසින් රචනා කොට වික්ටර් රතනායකයන්ගේ සංගීතය හා ගායනය මුසු වුනා වූ තවත් සුන්දරතම ගීතයකි. සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින් එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ.. මෙහි එක් සිහිනයක් නොව සිහින සතක් ගැන කියවෙයි. ඒ තුල ඉදිරිපත් වන්නේ මේ තරුණයාගේ සිතුවිල්ල තුල නැඟි බලාපොරොත්තුවක ප්‍රභල බව යන්න මාගේ අදහසයි. එය ඔහුගේ අනාගතය, ජීවිතය, ප්‍රේමය හා සමගාමී එකක් යැයි සිතීමටද කරුනු ඕනෑ තරම්ය. ඉතින් මේ එක් සිහිනක් තුල ඔහුගේ බලාපොරොත්තුවේ දිශාව පෙන්වීමට රචකයා උත්සහ කරන සෙයකි. එහි විශේශත්වය වන්නේ ඒ තුල ඔහු ඇයව සිඟන්නියක ලෙසින් දැකීමයි. "සිඟන්නිය" මේ තුලට මා උපකල්පනයක් ගෙනෙමි. සිඟන්නියක් වන්නට නම...

සිහින සතක් දුටුවෙමි මම.

සිහින සතක් දුටුවෙමි මම. සිහින, සිහින යන්න තුලට පුත්ගලයෙකු අත්විඳින හැඟීම්, අභිප්‍රායන්, සිතුවිල්ලේ ස්පර්ශයන්, යටි සිතෙහි ඇති වන මනෝ භාවයන් ආදිය ගොනු කල හැක. නමුත් එයට නිවැරදිම නිර්වචනයක් සැපයීම අසීරුය. කෙසේ වෙතත් ටික කලක නිහැඬියාවකින් පසු මා අරුත වෙත එක් කරන්නට සැරසෙන, මේ  පූර්විකාව සපයා ගන්නා ගීතයද අපූර්වතම රසවින්දනයක් ඇති (මා රස වින්දනයට ගෝචර කරගත් අයුරින්) , ප්‍රේමකීර්තිද අල්විස් මහතා විසින් රචනා කොට වික්ටර් රතනායකයන්ගේ සංගීතය හා ගායනය මුසු වුනා වූ තවත් සුන්දරතම ගීතයකි. සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින් එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ.. මෙහි එක් සිහිනයක් නොව සිහින සතක් ගැන කියවෙයි. ඒ තුල ඉදිරිපත් වන්නේ මේ තරුණයාගේ සිතුවිල්ල තුල නැඟි බලාපොරොත්තුවක ප්‍රභල බව යන්න මාගේ අදහසයි. එය ඔහුගේ අනාගතය, ජීවිතය, ප්‍රේමය හා සමගාමී එකක් යැයි සිතීමටද කරුනු ඕනෑ තරම්ය. ඉතින් මේ එක් සිහිනක් තුල ඔහුගේ බලාපොරොත්තුවේ දිශාව පෙන්වීමට රචකයා උත්සහ කරන සෙයකි. එහි විශේශත්වය වන්නේ ඒ තුල ඔහු ඇයව සිඟන්නියක ලෙසින් දැකීමයි. "සිඟන්නිය" මේ තුලට මා උපකල්පනයක් ගෙනෙමි. සිඟන්නියක් වන්නට නම...

ආගන්තුක මිතුරිය.

කප්පරකට උසින් පැතුමන් සිත             ඇඳුනූ රිද්මය පතා සිටියද හැඟුමෙන්               මියුරූ සිත් මල තලා දමමින් සුරතට               පැවරූ ක්තිජය කෙලෙස එක් වේවිද මන        පැහැරූ සැඟවූ ලයේ ගැඹුරේ රිදුමක                  ලකුණූ දිසුනේ නොමැත දකිනා විට නුඹ             ලන්දූ දැනුනේ සොම්නසකි නිරතුරු වත           රැන්දූ ලඳුනේ කෙලෙස නුඹ හිනැහුනි දුක          හැංගූ

වෙන්වීම, අනිත්‍ය,

බෝ ගසට පෙම් කර අතු අගින් ගිලිහුන මහළු බෝ පතකට නොමැත වරමක් මළුවෙ මියැදෙන්නට

පරසිඳු කරලිඇද්ද

පරසිඳු කරලිඇද්ද, දුව කිරුලස පැලැන්ද, කුසුබාසන දේවිය දෝන කතිරිනා. ඒ ඉතා මෑත දිනකදී නැවත මා හට අසන්නට ලැබුනු ගීතයකි. ඇතැම් අවස්ථාවන්හිදී නිර්මාණකරනය සඳහා ඉතිහාස කථා වස්තූන් වස්තු බීජ සපයන්නේ ඉතාමත් අපූර්ව ලෙසිනි. අනාගතය සඳහා වර්ථමානය තුල ශක්තිමත් පදනම සපයන්නේද පෙර කී ඉතිහාසය බැවින් එවන් නිර්මාන වල ඇති වටිනාකම අති මහත් බව මගේ අදහසයි. අද මේ පූර්විකාව සපයන ගීතයද එවන් ඉතිහාස කථාවක් කැටි කරමින් රත්න ශ්‍රී ශූරීන් කලකට ඉහතදී රචනා කරනු ලදුව සිහ ශක්ති සංගීත වෘන්දය ජාතික රූපවාහනිය වෙනුවෙන් ගැයුවා වූ තවත් එක් අපූර්වතම ගීතයකි. ගීතයේ හරය ගැන විමසීමට නම් ඉන් ප්‍රථම ලාංකීය ඉතිහාසයේ බල අරගලය වෙනුවෙන් රාජ්‍ය පාවාදීම්, රාජ්‍ය කුමන්ත්‍රන වලින් පරිපූර්ණ වූ පෘතුගීසි ආක්‍රමණ සමය පිලිබඳ ඉතා කෙටි හෝ විවරනයක් නැවත ලබා ගැනීම වඩා උචිතය. 1505 සිට 1658 දක්වා යැයි ගැනෙන පරංගි සමය ශ්‍රීලාංකීය ඉතිහාසයේ ජන සමාජයේ හා සංස්කෘතියේ විපරීතයක් ඇති කල කාල පරිච්චේදයක් යැයි කිවහොත් එය වැරදි නැත. ඔවුන් ලංකාවට පැමිණි ප්‍රධාන අරමුණු අතර කිතු ධහම ප්‍රචාරය කිරීමද මුල් තැනක් ගන්නා ලදි. කෙසේ වෙතත් 1521 දී කෝට්ටේ රාජධානියේ...

සඳ කිඳුරා මිය ගියා, ගමට එන්න නංගියේ

සිංහල සුභාවිත ගීය කෙරෙහි බෞද දර්ශනයෙනේ ලද බලපෑම සුළුපටු නොවෙයි. ඒ තුලින් පෝශනය ලද සිංහල සාහිත්‍ය වුවද කෙතරම් රස සාර හා බර සාර දැයි යන්න නැවත කිව යුතු නොවේ. ඉතින් අද අරුත වෙත මා මේ තෝරන ගීයද එවැන්නකි. “සඳ කිඳුරා මිය ගියා, ගමට එන්න නංගියේ.“ ගීතයට පෙර වදනක් ලෙසින් මෙම ගීතයට මෙන්ම තවත් බොහෝමයක් රසවත් ගීත රාශියකට සම්බන්ද කර ගත් සඳ කිඳුරු ජාතකය පිලිබඳ කෙටි ආවර්ජනයක් කිරීම සුදුසු යැයි මට හැඟෙයි. එකල බරනැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන සමයකි. දිනක් රජු හා පිරිවර හිමාල වනයට පිවිසෙන්නේ විනෝදය සඳහා දඩ කෙලියේ යෙදීමටයි. ඉක්බිති රජු හා පිරිස මද දුරක් වනයට පිවිසෙද්දී දකින්නේ ආශ්වාද ජනක, ප්‍රිය උපදවන දසුනකි. ඒ බොහොමත්ම පෙමින් බැඳී සිටින චන්න කින්නර යුවලකි. මේ සඳ කිඳුරු යුවලගේ රූ ස්භාවය අතිශය පියකරු එකක් වෙයි. (මෙහි සඳ කිදුරියගේ රූ ශ්‍රියාව පිලිබඳ බොහොම මිහිරි වර්ණනාවන් බෞද සාහිත්‍ය තුල සොයා ගත හැක) සඳ කිඳුරිය දුටු පමණින් රජු හට ඇය කෙරෙහි සිතක් පහල වෙයි. රජු විසින් එවිට කරන්නේ විස පෙවූ හීයක් ගෙන සඳ කිදුරා වෙත එල්ල කිරීමයි. එහි විස නිසා සිහිසුන් වන සඳ කිදුරා බදාගෙන කිඳුරිය හඬන්නට වෙයි....

රෑ දොලොස් පැයේ

පසුතැවීම, ජීවතයේ ඇතැම් අවස්ථා වල අප විසින් සිදුකලා වූ යම් යම් දේ පිලිබඳ අපට ඇත්තේ එතරම් හොඳ මතකයන් නොවෙයි. එය එසේ නොවුනා නම් කියා අපට සිතෙන්නා වූ වාරයන් අපමනය. පසුතැවීම් යනු සාමාන්‍ය මනුශ්‍යන් වූ අපට ආගන්තුක හැඟීමක් නොවෙයි. ඉතින් අද මේ පෙරවදන සපයා ගන්නා ගීතයත් එක් ගැමි ස්ත්‍රියකගේ පසුතැවීමක් පිලිබඳවයි. (මේ ගීය තරමක් දීර්ග ලෙස කථා කරන්නටයි මගේ උත්සහය) රෑ දොලොස් පැයේ ඉඳි කඩුුළු ඇරන් කර ඔසවා බලා උන්නා හබ කර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයන් දැන් එතෙයි කියා. ඉදි කඩුළු හැර තබා ඇය යමෙක් වෙනුවෙන් බලා හිඳී. මෙහි ඉඳි කඩුළු වැටක් යන්නෙන් ගීතයේ කථාව ගලා යන සමාජ පරිසරය මූලිකව පිලිබඳ යම් දල අදහසක් ගැනීමට හැක. වන සතුන්ගෙන් හා වෙනත් ආපදාවන්ගෙන් ආරක්ශා වීමට බොහෝ විට ඉඳි කඩුල්ලක් සහිත වැටක් ඉදිකරගන්නේ සාමාන්‍ය දුප්පත් හෝ මධ්‍ය ප්‍රාන්තික ග්‍රාමීය ජනතාව විසිනි. ඉතින් මේ ගැමි ලඳ රෑ දොලොස් පැයක් නැතිනම් දවසේ පැය 24න් නිදන හරි අඩත් අවධියෙන් බලා හිඳින්නේ ඇය සමඟ යම් අමනාපයක් වී නිවසින් පිටව ගිය ඇගේ ස්වාමියා නැවත එන තුරුය. ඇය කෙතරම් ඇගේ ස්වාමියා අපේක්ශාවෙන් සිටිනවාද යන්න ගීතය තුල ඇය කර ඔසවා බලා උ...

කේතුමතී නුවර

කේතුමතී නුවර, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, එතුමන්ගේ නම ඇසූ සැනින් මා සිත තුල ඇති වන හැඟීම වචනයට නැගීම අපහසුය. මා හට එතුමන්ගේ බොහෝ නිර්මාන වල වෙනත් නිර්මාණ කරුවන්ගේ නොදකින විශේශත්වයක් ඇත. එතුමන්ගේ ඇතැම් නිර්මාන වල අනෙක් නිර්මානකරුවන් නොදකින, කථිකා නොකරන ගැඹුරු සමාජ සංසිද්ධි උළුප්පා මතු කරන්නට පන්හිඳ හැසිරවී ඇති බව මගේ හැඟීමයි. (විටෙක එය පන්හිදකට වඩා අසිපතක් යැයි කීම වඩා යෝග්‍යය). එලෙසින්ම මහාචාර්ය සුනිල් ආරියරත්න යන නම සමඟ නිතැනින්ම සිහි වන තවත් නාමයකි. ඒ විශාරද නන්දා මාලිනියන්ය. සුනිල් ආරියරත්නයන් අතින් ලියවුනු බොහෝ නිරමාණ ප්‍රමාණයකට ජීවය සපයන්නට නන්දා මාලිනී මහත්මිය සමත්ව ඇත. ඇත්තෙන්ම සුනිල් ආරියරත්න, නන්දා මාලිනී යන සුසංයෝගය හෙල සුභාවිත ගීය තුල නොමැකෙන සලකුනකි. ඉතින් ටික දිනක විරාමයකින් පසුව අරුත වෙත මා අද මේ තෝරාගත් ගීතයේද පද රචනය හා ගායන මහාචාර්ය සුනිල් ආරියරත්න හා නන්දා මාලිනී සුසංයෝගය විසිනි. මියුරු සංගීතය සරත් දසනායකයන්ගෙනි. අන් නිර්මාන වලින් විශේෂයක් ගන්නා විනාඩි 7කට ආසන්න කාලයක් ගැයෙන මේ ගීතයේ මුලික හරය ගමන් කරන්නේ දේශපාලන කථිකාවක් ඔස්සේය. ඇතැම් තැන් වල ගීතයේ වචන හැසි...

සබඳ අපි කඳු නොවෙමු,

සුපුරුදු රටාවෙන් මිදී ගීතයක අරුත විමසීම වෙනුවටි ගීතයක් තුලින් පැන නැඟි අතුරු කථාවක් වියමන් කරන්නට අද මම උත්සහ කරමි. එදින වේලාව සවස 4.30 පමන වන්නට ඇති බව මගේ හැඟීමයි. එවකට මම උ.පෙ හදාරා මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ පරිගනක ඩිප්ලෝමාවක් සඳහා යනෙන කාලයක් විය. එදින පතිත වූ මද මංදාරම් අඳුර හේතුවෙන් මම බසය වෙත නැගගත්තේ එය පිටත් වීමට බොහෝ වේලාවකට පෙර අතුවයි. ක්‍රමයෙන් බස් රථය එහි ආසන ප්‍රමාණයට වඩා මදක් වැඩි වන්නට මිනිසුන්ගෙන් පිරී යන්නට විය. ඒ අතර විටින් විටරථය තුලට ගොඩ වූ යාචකයන් හා සඟරා පුවත් පත් විකුනන්නන් මෙන්ම කඩල රටකජු ආදිය විකුනන්නන්ද විය. (මෙය මහරගම නුගේගොඩ ආදී තැන් වල බොහෝ සෙයින් සාමාන්‍ය දෙයක් බව යන එන යන දන්නවා ඇති.) කෙසේ වෙතත් එසේ රථයට ගොඩ වුනු වෙලෙන්දෙකුගෙන් මිලට ගත් රටකජු සපමින් මා බසය ගමන් අරඹන තුරු දුරකථනය අතට ගෙන අන්තර්ජාලයේ (එවකට GPRS) වෙත පිවිස සැරිසරන්නට වුනෙමි. රථය ගමන් ඇරඹීමට ටික වේලාවකට ප්‍රථම ඊට ගොඩ වුයේ ප්‍රසන්න පෙණුමකින් යුතු හොඳින් හැඳ පැලඳගත් කරෙහි සයිඩ් බෑගයක් දමාගෙන අතෙහි යම් ලැමිනේට් කල ලියවිල්ලක් රැගත් වයස අවු 28ක 32ක පෙනුමැති තරුණයෙකි. රිය...