කුල වාද, ජාති වාද, ආගම් වාද, වර්ග වාද, ජීවත් වන කෙටි කාලය තුල අප විසින් අප වටාම ඇති කරගත්තා වූ බැමි පහුරු, සීමාවන් නම් කොතෙක්ද? බොහොමයක් මේ සීමාවන් බිඳ හෙලිය නොහැකි තරමින් ශක්තිමත්ය. යම් හෙයකින් එය බිඳිය හැකි නම්, ඒ ප්‍රේමය නම් වූ අතිශය ප්‍රභල ශක්තිමත් මානව හැඟුම තුලම පමණි. නමුත් ප්‍රේමය කොතෙක් ප්‍රභල වුවත් මේ බැමි තරණය කල නොහැකි අවස්ථා, එසේම තරණය කල නොයුතු අවස්ථාද නැතුවා නොවෙයි. ඉතින් මේ පෙර වදන සපයා ගත් ගීයද එවන් වූ අවස්ථාවකි. නිලාර් එන් කාසිම් මහතා විසින් රචනා කරන ලදුව සමන්ත පෙරේරා මහතාගේ සංගීත මුසුවෙන් මාලනී බුලත්සිංහල මහත්මිය සහ අසංක ප්‍රියමන්ත පීරිස් මහතාගේ යුග ගායනයෙන් රසවත් වන අපූර්වතම ගීතයකි. ගීතයේ හැඳින්වීමට පෙර අතුව යම් උපකල්පනයන් මතින් මා කථාව ගොඩ නඟමි. ඇය දමිල තරුණියකි. තරුණයා සිංහල තරුණයෙකි. ඔවුන් එක්තරා සමයක ජීවන ගමන අතර තුර එකිනෙකා හමුවෙයි. ඒ හමුවීම නිරතුරුවම ප්‍රිය උපදවන්නක් වෙයි. ඔවුන්ගේ මිත්‍රත්වය දැඩි බැඳීමකට පෙරලෙන්නේ කාලයත් සමඟය. එසේ ජනිත වූ ප්‍රේමයේ නාමයෙන් ඔවුන් එකිනෙකාට අසීමිතව ආදරය කරයි. නමුත් මේ සඳහා සිය නිවෙස් වලින් කිසිවිටෙකවත්...
සංගීතය යනු හුදෙක් ශබ්ද සමූහයක් නොව, එය ගැඹුරු හැඟීම් සහ අර්ථයන් සහිත කලා නිර්මාණයකි. යොදුනින් ඇදෙන සිතවිලි වලට නවාතැනක් වන්නට.