Skip to main content

Posts

Showing posts from 2026

සඳ දිය දෙවුන සේ සිනහව දුටුවාම....

කුල වාද, ජාති වාද, ආගම් වාද, වර්ග වාද,  ජීවත් වන කෙටි කාලය තුල අප විසින් අප වටාම ඇති කරගත්තා වූ බැමි පහුරු, සීමාවන් නම් කොතෙක්ද? බොහොමයක් මේ සීමාවන් බිඳ හෙලිය නොහැකි තරමින් ශක්තිමත්ය. යම් හෙයකින් එය බිඳිය හැකි නම්, ඒ ප්‍රේමය නම් වූ අතිශය ප්‍රභල ශක්තිමත් මානව හැඟුම තුලම පමණි. නමුත් ප්‍රේමය කොතෙක් ප්‍රභල වුවත් මේ බැමි තරණය කල නොහැකි අවස්ථා, එසේම තරණය කල නොයුතු අවස්ථාද නැතුවා නොවෙයි. ඉතින් මේ පෙර වදන සපයා ගත් ගීයද එවන් වූ අවස්ථාවකි. නිලාර් එන් කාසිම් මහතා විසින් රචනා කරන ලදුව  සමන්ත පෙරේරා මහතාගේ සංගීත මුසුවෙන්  මාලනී බුලත්සිංහල මහත්මිය සහ අසංක ප්‍රියමන්ත පීරිස් මහතාගේ යුග ගායනයෙන් රසවත් වන අපූර්වතම ගීතයකි. ගීතයේ හැඳින්වීමට පෙර අතුව යම් උපකල්පනයන් මතින් මා කථාව ගොඩ නඟමි.  ඇය දමිල තරුණියකි. තරුණයා සිංහල තරුණයෙකි. ඔවුන් එක්තරා සමයක ජීවන ගමන අතර තුර එකිනෙකා හමුවෙයි. ඒ හමුවීම නිරතුරුවම ප්‍රිය උපදවන්නක් වෙයි. ඔවුන්ගේ මිත්‍රත්වය දැඩි බැඳීමකට පෙරලෙන්නේ කාලයත් සමඟය. එසේ ජනිත වූ ප්‍රේමයේ නාමයෙන් ඔවුන් එකිනෙකාට අසීමිතව ආදරය කරයි. නමුත් මේ සඳහා සිය නිවෙස් වලින් කිසිවිටෙකවත්...
වන්නි වනපෙතේ ගම් දනවු පුරා නිවහන වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කර ම්... වන්නි වන පෙත, වංකගිරි වනය. වෙසතුරු සදිසි. ඩිංගකට හිතන්න, මොනතරම් රහයිද මේ වචන ටික. සත්තකින්ම හරිම අපූරු යෙදුම් ටිකක් නෙවෙයිද. ඉතින් "වන්නිය" යන්න දිස්ත්‍රික්කයක් ලෙස සැලකුවත්වත් සාමාන්‍ය ගැමි වහර තුල වන්නිය යන්නෙන් වනය වැනි අරුතක් උත්පන්න කරයි. "වංකගිරිය" යන්න තුල ලඟාවීමට අසීරු අරුතක් උත්පන්න කරයි. එනම් මේ ගීතයේ කියවෙන්නේ දුශ්කර බවෙනුත් අතිශය දුශ්කරවූ ග්‍රාමයන් ගැන නොවෙයිද. "වෙසතුරු සදිසි පියවරු." මේ ගම් වල වෙසෙන වෙස්සන්තර වන් පියවරු. මට දැනෙන මිහිරිම යෙදුම මෙයයි. දන් දීම අතින් ශ්‍රී ලාංකිකයන් ලෙසින් අප කොයිතරම් ඉහලින්ද යන්න නැවත කිව යුතු නොවේ. ඒ අතරිනුත් මේ ග්‍රාම වල වෙසෙන පියවරුන් කොයි තරම් ඉහලින්ද. සැබැවින්ම වන්දනා කල යුතුය. කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින් ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී බින්න බැස හිදී නගරය අසල දූ පුතුන් මේ ගම් වල බත් හැලිය ඉදෙන්නේ ගෙදර සිටින සාමාජිකයන් ප්‍රමානයට වැඩියෙනි. ඒ ගෙදරට ...
 දශක දෙකක් ඉක්මවා ගියත් තවමත් හද සැලෙන - ශර්ලි වෛජයන්තගේ "මහද සැලෙනා". මෙම ගීතයේ අර්ථය තුළින් පෙම්වතෙකුගේ සිතේ ඇතිවන ප්‍රබල ආදර හැඟීම් කිහිපයක් විස්තර කෙරේ: මෙම ගීතයේ අර්ථය ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකියි: 1. ළඟා විය නොහැකි සුන්දරත්වය (The Unreachable Flower) "නෙළන්න බැරි මල් අතු අග පිපුණත්" යන රූපකයෙන් කියැවෙන්නේ සමාජීය බාධක හෝ වෙනත් හේතු මත තමන්ට හිමි කරගත නොහැකි පෙම්වතියයි. ඇය පිපී සිටින්නේ ඉතා ඉහළ අතු අගකය. ඇයව නෙළා ගැනීමට නොහැකි වුවත්, ඇය එහි තනිවී ඇති බව දැකීම පෙම්වතාගේ හදවත රිදවන්නකි. "පියාපත් ලැබ ඉගිලී ආවොත්" යනුවෙන් ඔහු අසන්නේ, යම් හෙයකින් තමන් එම බාධක ජයගෙන ඇය අසලට පැමිණියහොත් ඇය ඔහුව පිළිගනීවිද යන්නයි. 2. මුකුලිත වූ මල සහ නිහඬ භාෂාව (Silent Language of Eyes) දෙවන අන්තරා කොටසෙන් කියැවෙන්නේ සමාජය මැද (දහසක් නෙත් යුග මැද) ඔවුන් දෙදෙනාට කතා කිරීමට ඇති අපහසුවයි. දහසක් දෙනා බලා සිටියදී වචනයෙන් අදහස් ප්‍රකාශ කළ නොහැකි නිසා, ඔවුන් දෙදෙනා "දෙනයනින්" කතා කරයි. "නිසලව හමුවූ දෙනයන ඔබ මට කීවේ මොනවාද?" යනුවෙන් ඔහු අසන්නේ, ඒ බැල්ම ත...