Skip to main content

Posts

Showing posts from 2017

මින්දද හී සර ‍වැදී සැලෙන හද

ප්‍රේමය හා රාගය, ඊට මා අරුත් සපයා දීම අපහසු සොඳුරු, සමගාමී චිත්ත ස්වරූපයන් දෙකක් යැයි කිව හොත් ඔබ එකඟ වනු ඇතැයි සිතමි. සැබැවින්ම නුරාව මද පමනින් මුසු වූ ප්‍රේමය තරම් සිංහල සාහිත්‍ය වෙත සොඳුරු, ප්‍රසන්න සංකල්පයන් උත්පන්න කල තවත් යමක් එක වර මසිතට නොනැඟෙයි. කෙසේ නමුත් කලකට පසු අරුත වෙත යමක් ලියන්නට මා සිතුවිලි අවධි කල මේ ගීය මඩවල එස් රත්නායකයන් විසින් රචනා කරන ලදුව ආචාර්ය පන්ඩිත් අමරදේවයන්ගේ සංගීතයෙන් හා ගායනය සුසංයෝග වූ අපූර්වතම ගීයකි. ඒ අන් කවරක් වත් නොව "මින්දද හී සර" ගීය වෙයි. වර්ථමානය කෙසේ වෙතත්, මෙය අපේ හෙල සුභාවිතය යැයි කිව හැකිවූ සංගීත සාහිත්‍ය ඉතිහාසයක් අප සතුය. එ තුල කිව යුතු ඕනෑම පුළුල් පරාසයක් වුවත් පද වැල් කිහිපයක් අතර ගොනු වන්නේ අතිශය සෞන්දර්යාත්මකවය. සැබැවින්ම ඇතැම් තැන්හි නිර්මාපකයා විසින් ඔහුට ගෙන ආ යුතු අධික ශෘංගාරය පවා ව්‍යංගය තුල සඟවා සොභා දහමේ ආදේශකයන් මත ඉදිරිපත් කරන්නේ අතිශය ආකර්ශණිය ලෙසිනි. ඇත්තෙන්ම සොභා දහම සමඟ බද්ධ වූ එවන් කලාවේ රසය මෙය යැයි අරුත් සැපයීමට මා අපොහොසත්ය. නමුත් මේ ගීතයේ පද වැල් අතරින් මා උකහා ගත් රසය මදකින් හෝ ඔබට සමීප ක...

ත‍ටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා

ත‍ටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා ඉතින් මෙය සමන්ත පෙරේරා මහතාගේ ප්‍රේමණිය සංගීත තත් අතර ප්‍රභාමත් වූ උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ ආකර්ශණීයතම පද වැලකි.  අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬ තුල ඊට සපයා දෙන ජීවය අතිශය හැඟුම්බර වේ. කෙසේ වෙතත් එක්තරා අභිනව විවාහකයෙකුගේ (යෝජිත විවාහයක) සංවේදී කථා හරයක් ඔස්සේ ගලා යන පද වැල තුල ගොනු වන්නේ තම විවාහක බිරිඳගේ හිතුවක්කාර හැසිරීමක් පිලිබඳවයැයි මා අදහස් කරමි. බොහෝ විට විවාහප්‍රාප්ත ඇය තම අතීත ප්‍රේමයක සුන් බුන් අතර හිඳිනවා වන්නට ඇත.  ත‍ටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා කොහොම කීවත් නවත්වන්නට බෑ ප්‍රේම ආලින්දයේ එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ විවාහය තුල යුවලක් එක් අයෙකු බවට පත් විය යුතුය. එකිනෙකාගේ හැඟීම් තේරුම්ගෙන කටයුතු කල යුතු වේ. එමෙන්ම යම් සීමාවන් තුල රැඳී කටයුතු කිරීම, ප්‍රේමයේ බැඳීමක අනිවාර්ය නියතයක් වේ. ඔහු ප්‍රේම කරන තම ප්‍රිය බිරිඳ ඒ කියන්නා වූ නියතයන් අභිබවා ඔහේ පියා සලා යයි නම් ඔවුන් අතර ඝට්ටනයක් ඇති වීම ස්භාවිකය. කෙසේ නමුත් මේ විවාහක ප්‍රේමවන්තයා ඇයට යථාර්ථතය නැමති මහපොලව මත ඔහුගේ ප්‍රේමයේ ආලින්දයේ නවාතැන් ගන්නට යැයි ඇයට කරන ඇරයුමක සේයාවකි. (...

හෙවනැලිද ඉකිබිඳී

ඇත්තෙන්ම මෙම ගීතය ඉතා මෑතකදී අහම්බෙන් මෙන් මා සවනත වැකුනු සොඳුරුතම ගීයකි. ඇසූ ප්‍රථම වර වුවද සුනිල් ආරියරත්නයන් අතින් නිමැවුනු එහි පද වැල හා නන්දාමාලිනී මහත්මියගේ භාවාත්මක සුගායනය මා සිතෙහි ඇතිකලේ ශෝඛි රසය මුසු ප්‍රකම්පනයක් යැයි කිවහොත් එය අතිශෝප්තියක් නොවෙයි. එසේම මේ තුල මතු කෙරෙන අන්තර්ගතය තුල තමන් අතින් සිදුවූ වරදක් හේතුවෙන් මංගල දිනය දා අසරණ වන යුවතියකගේ ආත්මීය වැලපීම විදහා දක්වයි, හෙවණැලි ද ඉකි බිඳී ගණ අඳුරේ ගහකොළ ද පණ අදී බිම වැතිරී අභය ඉල්ලා යදින්නී ඈ ආලයේ නාමෙන් ඝන අඳුර තුල සෙවනැලි නම් කොහි තිබිය හැකිද? නමුත් මේ තුල කියාපානු ඇත්තේ මා පෙර කී යුවතියගේ, අතීතය නම් අඳුර තුල සැඟව ගිය සෙවනැලි වන් ස්මරණයන්ගේ වර්ථමාන විලාපය නොවියහැකිද. එසේම එවන් අවස්ථාවක ස්භාවධර්මයේ ගහකොල පවා බිම වැතිර පණ අදිමින් මේ මතුකරලන්නේ ඇගේ සසල වූ සිතෙහි වන අති මහත් පිඩාවේ ස්වරූපය නොවෙයිද. මෙවන් මොහොතක ඇය සිය ස්වාමීයාගෙන් අභය ඉල්ලනවා හැර අන් කුමක් නම් කරන්නද "සෙවනැලි පවා ඉකි බිඳ හඩන, ගහ කොල පවා කම්පිතව සසල වන." ඇත්තෙන්ම, මංගල දිනය තුල එවන් ඛේදනීය ඉරණමක හිමිකාරියක වන යුවතියකගේ ආත්මීය වැලපීම විදහා පාන...