මෙම ගීය බන්දුල නානායක්කාරවසම් මහතා අතින් සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් රචනා වන තවත් සුවිශේෂී ගීතයකි. එහි මියුරු සර රෝහණ වීරසිංහයන් අතිනි. එක්තරා පෙම්වතෙකු විසින් තම යුවතියක වෙත කරන්නා වූ සදාදරණීය ප්‍රේම යෝජනාවක් මෙන්මෙ බලාපොරොත්තුවක සේයාවන් පිලිබඳ මෙහි අරුත තුල දෝලනය වන බව මගේ අදහසයි. නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ // ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ ගීතයේ පලමු කොටස තුලම ඇයව විශ්වාසණීය බලාපොරොත්තුවක් වෙත ගෙනයන්නට පෙම්වතා උත්සුක වන සෙයකි. නිම් හිම් නොපෙනෙන, නොයෙක් විශ වලින් ගහන මිනිසුන් පිරි සමාජය තුල ඔහුගේ රැකවරණය අභියස ඇයට දොම්නසක් නොවන වත පිරුනු සිනහව රැඳෙනු දැකීම ඔහුගේ බලාපොරොත්තුවයි, නැතහොත් ඇගේ සිනාව ඔහුගේ නවාතැනයි. සත්‍ය ලෙසම ඔහුගේ පරම අභිලාශය ඇගේ සතුටයි. ඉතින් එවන් ප්‍රේමයක අරුණු උදා නොවේ යැයි කිව හැකිද. "ගීතයේ දෙවන පද පෙලෙහි සපුන් යන්න වෙනුවට සතුන් යන්න යෙදුවද තනුව හා සමපාත වන නමුත් එය සපුන් ලෙස ගැනීම තරමක් දුරට අරුතේ හැසිරීම වඩා තීව්ර කිරීමක් බව මගේ අදහසයි. සපුන් ලෙස ගන්නා මේ යෙදුම සර්පයන් ලෙසට නිර්වචන දිය හැක. සත්ව ලොකයේ ඇතැම් සර්පයන...
සංගීතය යනු හුදෙක් ශබ්ද සමූහයක් නොව, එය ගැඹුරු හැඟීම් සහ අර්ථයන් සහිත කලා නිර්මාණයකි. යොදුනින් ඇදෙන සිතවිලි වලට නවාතැනක් වන්නට.