තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා කාන්තාවගේ පියයුරු රණ තිසරුන්ට සම කිරීම නිතැතින්ම සාහිත්‍ය තුල සුලභය. එතරම් අපූරු ව්‍යංගයක් ඒ සඳහා නොවනු ඇත. සුරත් නෙළුම් කැකුල (අතිශය රත් පැහැති නෙළුම් කැකුල.) වන්ව හදවතට විකසිත වන්නට ඉඩ දෙන්නටයි මේ ආරාධනය. (රත් පැහැය වන් ශෘංගාර රසයට සමීප වර්ණයක් නොවෙයි.) දුනු දියෙන් මිදී (දුනු දිය යනු දුන්න බැඳි ලනුවය) මදරද ( මද+රද යන්න තරමක් පැහැදිලි කිරීමට අපහසුය. නමුත් ඒ තුල තනිකඩයකුගේ විරහ ගින්න වන් වූ අරුත් වෙයි) ඉතින් මේ තුල ජනිත කරන්නේ දුන්නෙන් මිදුනු හීයක් වන් වූ රාගයේ ගිනිදැල් වන් අරුතක් බව මා අදහස් කරමි. ලලිත ලවන (අති දැකුම්කළු මුහුන) සිබ සරන්න කරන්නා වූ සරගී ආමන්ත්‍රනයකි. (රාධා යන යෙදුම තුල ඇය දමිල තරුණියන් වන්නට ඇතැයි සිතමි) කොලොම් වන හිසේ මුවරද මමන මද පොදින් සීතල වපුල කලාපේ මංගල යහන් සලුව සෝදා සුසුම් නලින් වියැලෙන්නට ඉඩහරින්න රාධා කොලොම් යනු බක් මී මලට සමාන පුෂ්ප දරන්නා වූ සුවිසල් වනස්පතියකි. කොලොම් මලින් මමන (වෑහෙන) මුවර...
සංගීතය යනු හුදෙක් ශබ්ද සමූහයක් නොව, එය ගැඹුරු හැඟීම් සහ අර්ථයන් සහිත කලා නිර්මාණයකි. යොදුනින් ඇදෙන සිතවිලි වලට නවාතැනක් වන්නට.