සිංහල සුභාවිත ගීය කෙරෙහි බෞද දර්ශනයෙනේ ලද බලපෑම සුළුපටු නොවෙයි. ඒ තුලින් පෝශනය ලද සිංහල සාහිත්‍ය වුවද කෙතරම් රස සාර හා බර සාර දැයි යන්න නැවත කිව යුතු නොවේ. ඉතින් අද අරුත වෙත මා මේ තෝරන ගීයද එවැන්නකි. “සඳ කිඳුරා මිය ගියා, ගමට එන්න නංගියේ.“ ගීතයට පෙර වදනක් ලෙසින් මෙම ගීතයට මෙන්ම තවත් බොහෝමයක් රසවත් ගීත රාශියකට සම්බන්ද කර ගත් සඳ කිඳුරු ජාතකය පිලිබඳ කෙටි ආවර්ජනයක් කිරීම සුදුසු යැයි මට හැඟෙයි. එකල බරනැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන සමයකි. දිනක් රජු හා පිරිවර හිමාල වනයට පිවිසෙන්නේ විනෝදය සඳහා දඩ කෙලියේ යෙදීමටයි. ඉක්බිති රජු හා පිරිස මද දුරක් වනයට පිවිසෙද්දී දකින්නේ ආශ්වාද ජනක, ප්‍රිය උපදවන දසුනකි. ඒ බොහොමත්ම පෙමින් බැඳී සිටින චන්න කින්නර යුවලකි. මේ සඳ කිඳුරු යුවලගේ රූ ස්භාවය අතිශය පියකරු එකක් වෙයි. (මෙහි සඳ කිදුරියගේ රූ ශ්‍රියාව පිලිබඳ බොහොම මිහිරි වර්ණනාවන් බෞද සාහිත්‍ය තුල සොයා ගත හැක) සඳ කිඳුරිය දුටු පමණින් රජු හට ඇය කෙරෙහි සිතක් පහල වෙයි. රජු විසින් එවිට කරන්නේ විස පෙවූ හීයක් ගෙන සඳ කිදුරා වෙත එල්ල කිරීමයි. එහි විස නිසා සිහිසුන් වන සඳ කිදුරා බදාගෙන කිඳුරිය හඬන්නට වෙයි....
සංගීතය යනු හුදෙක් ශබ්ද සමූහයක් නොව, එය ගැඹුරු හැඟීම් සහ අර්ථයන් සහිත කලා නිර්මාණයකි. යොදුනින් ඇදෙන සිතවිලි වලට නවාතැනක් වන්නට.