ඉඳුවර නොපිපෙනා ගොම්මන පැමිණි සඳ
විකසිත වුනා වූ ඉඳුවර කැකුල නුඹ
අවසර නොමැති රෑ අඳුරට පෙමින් බට
නුඹෙ රොන් කෙරෙන් බිඟුනට නම් වේද පල
අළුයම පතිත හිරු කිරනක පහස ලඟ
රුසිරෙන් දැවුනු නුඹ සියපත් දුටින සඳ
මධු රොන් පිරුනු මල් කෙමි මැද බඹර කැල
රැඟුමන් නොපාවිද තුටු සිත් කෙරෙන් බට