ප්‍රේමය හා රාගය, ඊට මා අරුත් සපයා දීම අපහසු සොඳුරු, සමගාමී චිත්ත ස්වරූපයන් දෙකක් යැයි කිව හොත් ඔබ එකඟ වනු ඇතැයි සිතමි. සැබැවින්ම නුරාව මද පමනින් මුසු වූ ප්‍රේමය තරම් සිංහල සාහිත්‍ය වෙත සොඳුරු, ප්‍රසන්න සංකල්පයන් උත්පන්න කල තවත් යමක් එක වර මසිතට නොනැඟෙයි. කෙසේ නමුත් කලකට පසු අරුත වෙත යමක් ලියන්නට මා සිතුවිලි අවධි කල මේ ගීය මඩවල එස් රත්නායකයන් විසින් රචනා කරන ලදුව ආචාර්ය පන්ඩිත් අමරදේවයන්ගේ සංගීතයෙන් හා ගායනය සුසංයෝග වූ අපූර්වතම ගීයකි. ඒ අන් කවරක් වත් නොව "මින්දද හී සර" ගීය වෙයි. වර්ථමානය කෙසේ වෙතත්, මෙය අපේ හෙල සුභාවිතය යැයි කිව හැකිවූ සංගීත සාහිත්‍ය ඉතිහාසයක් අප සතුය. එ තුල කිව යුතු ඕනෑම පුළුල් පරාසයක් වුවත් පද වැල් කිහිපයක් අතර ගොනු වන්නේ අතිශය සෞන්දර්යාත්මකවය. සැබැවින්ම ඇතැම් තැන්හි නිර්මාපකයා විසින් ඔහුට ගෙන ආ යුතු අධික ශෘංගාරය පවා ව්‍යංගය තුල සඟවා සොභා දහමේ ආදේශකයන් මත ඉදිරිපත් කරන්නේ අතිශය ආකර්ශණිය ලෙසිනි. ඇත්තෙන්ම සොභා දහම සමඟ බද්ධ වූ එවන් කලාවේ රසය මෙය යැයි අරුත් සැපයීමට මා අපොහොසත්ය. නමුත් මේ ගීතයේ පද වැල් අතරින් මා උකහා ගත් රසය මදකින් හෝ ඔබට සමීප ක...
සංගීතය යනු හුදෙක් ශබ්ද සමූහයක් නොව, එය ගැඹුරු හැඟීම් සහ අර්ථයන් සහිත කලා නිර්මාණයකි. යොදුනින් ඇදෙන සිතවිලි වලට නවාතැනක් වන්නට.