ඇත්තෙන්ම මෙම ගීතය ඉතා මෑතකදී අහම්බෙන් මෙන් මා සවනත වැකුනු සොඳුරුතම ගීයකි. ඇසූ ප්‍රථම වර වුවද සුනිල් ආරියරත්නයන් අතින් නිමැවුනු එහි පද වැල හා නන්දාමාලිනී මහත්මියගේ භාවාත්මක සුගායනය මා සිතෙහි ඇතිකලේ ශෝඛි රසය මුසු ප්‍රකම්පනයක් යැයි කිවහොත් එය අතිශෝප්තියක් නොවෙයි. එසේම මේ තුල මතු කෙරෙන අන්තර්ගතය තුල තමන් අතින් සිදුවූ වරදක් හේතුවෙන් මංගල දිනය දා අසරණ වන යුවතියකගේ ආත්මීය වැලපීම විදහා දක්වයි, හෙවණැලි ද ඉකි බිඳී ගණ අඳුරේ ගහකොළ ද පණ අදී බිම වැතිරී අභය ඉල්ලා යදින්නී ඈ ආලයේ නාමෙන් ඝන අඳුර තුල සෙවනැලි නම් කොහි තිබිය හැකිද? නමුත් මේ තුල කියාපානු ඇත්තේ මා පෙර කී යුවතියගේ, අතීතය නම් අඳුර තුල සැඟව ගිය සෙවනැලි වන් ස්මරණයන්ගේ වර්ථමාන විලාපය නොවියහැකිද. එසේම එවන් අවස්ථාවක ස්භාවධර්මයේ ගහකොල පවා බිම වැතිර පණ අදිමින් මේ මතුකරලන්නේ ඇගේ සසල වූ සිතෙහි වන අති මහත් පිඩාවේ ස්වරූපය නොවෙයිද. මෙවන් මොහොතක ඇය සිය ස්වාමීයාගෙන් අභය ඉල්ලනවා හැර අන් කුමක් නම් කරන්නද "සෙවනැලි පවා ඉකි බිඳ හඩන, ගහ කොල පවා කම්පිතව සසල වන." ඇත්තෙන්ම, මංගල දිනය තුල එවන් ඛේදනීය ඉරණමක හිමිකාරියක වන යුවතියකගේ ආත්මීය වැලපීම විදහා පාන...
සංගීතය යනු හුදෙක් ශබ්ද සමූහයක් නොව, එය ගැඹුරු හැඟීම් සහ අර්ථයන් සහිත කලා නිර්මාණයකි. යොදුනින් ඇදෙන සිතවිලි වලට නවාතැනක් වන්නට.