කප්පරකට උසින් පැතුමන් සිත ඇඳුනූ
රිද්මය පතා සිටියද හැඟුමෙන් මියුරූ
සිත් මල තලා දමමින් සුරතට පැවරූ
ක්තිජය කෙලෙස එක් වේවිද මන පැහැරූ
සැඟවූ ලයේ ගැඹුරේ රිදුමක ලකුණූ
දිසුනේ නොමැත දකිනා විට නුඹ ලන්දූ
දැනුනේ සොම්නසකි නිරතුරු වත රැන්දූ
ලඳුනේ කෙලෙස නුඹ හිනැහුනි දුක හැංගූ